Connect with us

විදෙස්

කොවිඩ්වලින් පසු චීනය, විදෙස් සංචාරකයන්ට විවෘත වෙයි

Published

on

කොවිඩ් ගෝලීය වසංගතය හේතුවෙන් විදේශික සංචාරකයන් හට පනවා තිබූ සීමා ඉවත් කිරීමට චීනය පියවර ගෙන තිබේ.

ඒ අනුව, හෙට (15) දිනයේ සිට සියලු කාණ්ඩ වල වීසා බලපත්‍ර නිකුත් කිරීමට අරඹන බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සිදුකළ නිවේදනයක දැක්වේ.

චීනය මේ අයුරින් විදෙස් සංචාරකයන් හට සිය දේශසීමා විවෘත කරන්නේ කොවිඩ් වසංගතය ආරම්භ වී තෙවසරකට පසුවයි.

2020 මාර්තු 28 දින සිය දේශසීමා වැසීමට පෙර නිකුත් කරන ලද වලංගු වීසා බලපත්‍ර මාර්තු 15 සිට පිළිගැනෙනු ඇති බවත්, කෲස් නෞකා සඳහා හයිනෑන් දූපතට හා ෂැංහායි නුවරට වීසා රහිත ප්‍රවේශය යළි ආරම්භ වීමට නියමිත බවත් විදෙස් වාර්තා වල දැක්වේ.

තවද, හොංකොං සහ මකාව් සිට සංචාරක කණ්ඩායම්වලට වීසා රහිත ඇතුළුවීමට අවසර දෙන අතර, වෙනත් රටවල පවතින චීන කොන්සියුලර් කාර්යාල වලින් වීසා අයැදුම්පත් සැකසීම නැවත ආරම්භ කරනු ඇත.

මේ අතර, චීන පුරවැසියන්ටද සංචාරක කණ්ඩායම් ලෙස රටවල් 60ක සංචාරය කිරීමටද අවස්ථාව හිමිවේ. මීට පෙර, ඔවුන්ට සංචාරය කිරීමට හැකිවූයේ රටවල් 20ක් අතර පමණි.

විදෙස්

කොංගෝවෙන් හඳුනානොගත් වෛරසයක්

Published

on

By

තවමත් හඳුනානොගත් වෛරසයකින් සති දෙකක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝවේ පුද්ගලයින් 143ක් මියගොස් තිබේ.

ඒ අතරින් බහුතරය වයස අවුරුදු 5ට අඩු දරුවන් බව වාර්තා වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයින් පිරිසක් මෙම වෛරසය පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති අතර එහි ව්‍යාප්තිය ආරම්භ වී ඇත්තේ ඔක්තෝබර් මාසයේ දී බව සැක කෙරේ.

Continue Reading

විදෙස්

බංග්ලාදේශ මුදල් නෝට්ටුවලින් ෂෙයික් මුජිබර්ගේ රුව ඉවතට

Published

on

By

බංග්ලාදේශයේ නිර්මාතෘවරයා මෙන්ම එරට ජාතියේ පියා ලෙස ද සැලකෙන ශෙයික් මුජිබර් රහමන්ගේ රුව, එරට මුදල් නෝට්ටුවලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

මුද්‍රණය කෙරෙන නව නෝට්ටුවල ඔහුගේ රුව ඇතුළත් නොකරන ලෙසට බංග්ලාදේශ අන්තර්වාර රජය විසින් එරට මහ බැංකුව වෙත උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශෙයික් මුජිබර් රහමන්ගේ දියණිය වන බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පසුගිය ජුලි මාසයේ සිසුන් මූලික කරගත් විරෝධතා හමුවේ ධුරයෙන් පහ කෙරුණි.

එම විරෝධතාවලදී බංග්ලාදේශයේ නිර්මාතෘවරයා මෙන්ම එරට ජාතියේ පියා ලෙස ද සැලකෙන ශෙයික් මුජිබර් රහමන්ගේ රුව සහිත ස්මාරක ද විනාශ කිරීමට විරෝධතාකරුවන් කටයුතු කර තිබුණි.

මුද්‍රණය කෙරෙන නව නෝට්ටු සඳහා ජුලි මාසයේ පැවති විරෝධතාවල දර්ශන ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

Continue Reading

විදෙස්

සඳ ගමන ප්‍රමාද වන බවට නාසා වෙතින් නිවේදනයක්

Published

on

By

ගගනගාමීන් නැවත සඳ වෙත යැවීමේ සැලසුම් (NASA’s Artemis program) තවදුරටත් ප්‍රමාද කරන බව, එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා නිවේදනය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් නාසා ඒජන්සිය සඳහන් කරන්නේ 2026 දී සඳ මතට ගොඩබෑමේ සැලසුම්ගත මෙහෙයුම 2027 වසර තෙක් සිදු නොවන බවය.

මීට අමතරව, 2025 සැප්තැම්බර් මාසයේදී ගගනගාමීන් සඳ වටා පියාසර කිරීමට නියමිතව තිබූ ‘පාත්ෆයින්ඩර් මෙහෙයුම’ (pathfinder mission) ද 2026 වසරේ අප්‍රේල් මාසයට පෙර සිදු නොවනු ඇති බව සඳහන්ය.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙම ප්‍රමාදයන්ට හේතුව චන්ද්‍ර මෙහෙයුම් දෙකේදීම ගගනගාමීන්ගේ නිවහන වන ඔරියන් අභ්‍යවකාශ යානයෙ හි ගැටළු සමඟ සම්බන්ධ වන බවය.

එනම්, පරීක්ෂණ පියාසැරියෙන් අනාවරණය වුණු කැප්සියුලයේ තාප ආවරණයේ ගැටලු විසඳීමට කාලයක් අවශ්‍ය වන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved