ග්‍රීසිය විසින් සමලිංගික විවාහ නීතිගත කර තිබේ.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඊයේ (15) දින එරට පාර්ලිමේන්තුවේ පැවැත්වූ ඡන්දයේදී මීට පක්ෂව ඡන්ද 176ක් හා විපක්ෂව ඡන්ද 76ක් හිමිවී තිබුණි.
මේ සමගම සමලිංගික විවාහ නීතිගත කළ, ක්‍රිස්තියානි ඕතොඩොක්ස් බහුතරයක් සිටින පළමු රට බවට ග්‍රීසිය ඉතිහාසයට එක්වේ.
මේ සම්බන්ධයෙන් ග්‍රීසිය පුරා සිටින සමලිංගික අයිතීන් වෙනුවෙන් පෙනීසිටින සංවිධාන වල ප්‍රශංසාව හිමිවී තිබේ.
කෙසේ වෙතත් මෙම තීරණයට එරෙහිව එරට ප්‍රබල ඕතොඩොක්ස් පල්ලියේ ආධාරකරුවන් විසින් ඇතන්ස්හි විරෝධතා රැලියක් ද පවත්වා ඇත.