Connect with us

විදෙස්

චීනයේ කොරෝනා වැඩි වෙයි; අලුත් ප්‍රභේද නැහැ

Published

on

නව ප්‍රභේදයක් වාර්තා නොවුන ද චීනයේ ශීඝ්‍ර කොවිඩ් ව්‍යාප්තියක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඇතිවී තිබෙන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිතයින් පසුගිය දා චීන බලධාරීන් මුණගැසුණි.

එහිදී චීනයේ රෝග පාලන සහ වැළක්වීමේ මධ්‍යස්ථානය පෙන්වා දී ඇත්තේ, මේ වනවිට ව්‍යාප්ත වන්නේ ඔමික්‍රෝන් වෛරසයේ අනුප්‍රභේදයක් පමණක් බවයි. 

නමුත් චීනය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව සැබෑ දත්තවලට වඩා පහළ අගයකින් වාර්තා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි තත්ත්ව පිළිබඳ අධ්‍යක්ෂ මයික් රයන් පවසා ඇත.

මේ වන විට චීනයෙන් පැමිණෙන සංචාරකයන් හට කොවිඩ් පරීක්ෂණ වාර්තා පෙන්වීම අනිවාර්ය කිරීමට ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් පියවර ගෙන ඇත. කෙසේවෙතත්, ඊයේ (04) දිනයේදී නිවේදනයක් නිකුත් කරමින් නවසීලන්ත සෞඛ්‍ය අමාත්‍යවරිය වන අයේෂා වැරල් පවසා තිබුණේ චීනයේ සිට පැමිණෙන සංචාරකයින් හට සෘණාත්මක COVID-19 පරීක්ෂණයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය නොවන බවයි.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යළි අවසර

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි තාවකාලිකව බලාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් ඊයේ (29) අවසර හිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව මෙම හදිසි බලතල නීතිය යටතේ තීරුබදු එකතුකිරීම තවදුරටත් සිදුකරගෙන යාමට ට්‍රම්ප් පරිපාලනයට අවසර හිමිවිය.

මෙම බදු ප්‍රතිත්තිය අත්හිටුවීමේ නියෝගයක් අමෙරිකානු වාණිජ අධිකරණයක් විසින් ඊයේ (29) නිකුත්කර තිබුණි.

මෙම නියෝගය ලබාදෙමින් වාණිජ අධිකරණය සඳහන් කළේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමග වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවයි.

ඒ හේතුවෙන් එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවය.

ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් වැඩිදුරටත් තීන්දුකර තිබුණි.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය විසින් එම නියෝගය ඉදිරිපත්කර විනාඩි කිහිපයක් ඇතුළත එරට ෆෙඩරල් අභියාචනාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගේ බදු පැනවීම අධිකරණයෙන් අත්හිටුවයි

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ.

ඊයේ (28) දිනයේ ලබාදුන් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බව සඳහන් වේ.

මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවත්, එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවත්ය.

ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බව ද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් වැඩිදුරටත් තීන්දු කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved