විදෙස්

චීන ජනපති ගැන ඇමෙරිකානු ජනපති අලුත් කතාවක් කියයි

Published

on

චීන ජනාධිපතිවරයා ඒකාධිපතියෙකු යැයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

කැලිෆෝනියාවේ පැවති අරමුදල් රැස්කිරීමේ උත්සවයකට එක්වෙමින් පසුගියදා ඇමෙරිකානුව මතින් පාවී ආ චීන බැලුනයක් සම්බන්ධයෙන් සිදුකළ කතාබහකදී ඔහු එසේ පවසා ඇත.

මේ සිද්ධිය සම්බන්ධයෙන් චීන ජනපතිවරයා කලබල වීමට හේතු වී ඇත්තේ එම බැලූනයට වෙඩි තබන විට ඔහුගේ අනුදැනුමට පිටින් එහි තිබුණු ඔත්තු බැලීමේ උපකරණ පිරවූ පෙට්ටි දෙකක් හමුවීම බැවින් යැයි බයිඩ්න් ජනාධිපතිවරයා පවසා තිබේ. 

“මොකද වුණේ කියලා නොදැන ඉන්න එක ඒකාධිපතියන්ට ලොකු ලැජ්ජාවක්,” යැයි ඔහු පවසා ඇත.

චීනය විසින් මේ දක්වා මීට ප්‍රතිචාර දක්වා නොමැත.

මෙම ප්‍රකාශය කර ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතර සාකච්ඡා පවත්වා දිනකට පසුව වීම විශේෂත්වයකි.

ෂී – බ්ලින්කන් හමුව පැවැත්වුණේ ලෝක බලවතුන් දෙදෙනා අතර මතුවී ඇති ගැටලු නිරාකරණය කිරීමේ අරමුණෙන් වන අතර, එම සකච්ඡාව වල ප්‍රගතියක් තිබුණු බවට දෙපාර්ශවම පවසා තිබුණි.

Trending

Exit mobile version