විදෙස්

චීන වරායක විශාල පිපිරීමක්

Published

on

නැගෙනහිර චීනයේ ජර්ජියෑං පළාතේ වරායක අද (08) දිනයේදී විශාල පිපිරුමක් සිදුවී ඇතැයි වාර්තා වේ.

මෙම පිපිරීම සිදුවී ඇත්තේ නිංග්බෝ – ජොව්ෂැන් වරායේ නවතා තිබූ YM Mobility නම් නෞකාවකය.

එරට වේලාවෙන් ප.ව. 1.50ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් කිසිවෙකුට තුවාල සිදුවී නැතැයි චීන මාධ්‍ය වාර්තා කරයි. 

ගින්න නිවා දැමීමටත් මුදවාගැනීමේ කටයුතු ආරම්භ කිරීමටත් වහාම පියවර ගෙන තිබුණු අතර, සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක්ද අරඹා තිබේ.

Trending

Exit mobile version