Connect with us

විදෙස්

දිගටම ගාසා වෙත සහය දෙන බව හූති කැරළිකරුවන් පවසයි

Published

on

තමාට ප්‍රහාර එල්ල කළද, රතු මුහුද ඔස්සේ ඊශ්‍රායලය වෙත ගමන් කරන හෝ ඊශ්‍රායලය හා සම්බන්ධ නෞකා වලට ප්‍රහාර දිගින් දිගටම සිදුකරන බව හූති කැරළිකරුවන් පවසා ඇත

එහි ප්‍රකාශක – මොහොමඩ් අබ්දුල්සලාම් පවසා ඇත්තේ රතු මුහුදේ හෝ අරාබි මුහුදේ ගමන්කරන  ජාත්‍යන්තර නෞකා ගමනාගමනයට තමාගෙන් තර්ජනයක් නැති බවයි.

ඔවුන් ඉලක්ක කර තිබුණේ ඊශ්‍රායල නෞකා වලට හෝ පලස්තීනයේ අල්ලාගත් ප්‍රදේශ කරා යන නෞකා වලට පමණක් බව ඔහු වැඩිදුරටත් පවසයි. 

ඉදිරියේදී ද මෙය සිදුවනු ඇති බව පවසන අබ්දුල්සලාම්, යේමනයට එල්ල කළ ප්‍රහාර වලින් යේමනය පලස්තීනයට හා ගාසා වෙත දක්වන සහය නැවතෙනු ඇතැයි ඇමෙරිකාව හා බ්‍රිතාන්‍යය සිතීම වැරදි සිතුවිල්ලක් බව ප්‍රකාශ කර ඇත.

යේමනයේ හූති කැරලිකරුවන් සිටින ඉලක්ක 60කට පමණ අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ගුවන් ප්‍රහාර එල්ල කර තිබූ අතර, මේ සඳහා ඕස්ට්‍රේලියාවේ, කැනඩාවේ, බහරේනයේ හා නෙදර්ලන්තයේ සහයද ලැබී තිබුණි.

පසුගිය නොවැම්බර් 19දා සිට හූති කැරලිකරුවන් විසින් රතු මුහුදේ නෞකා වෙත ප්‍රහාර 27ක් එල්ලකර ඇති බව පවසන අමෙරිකානු බලධාරීන්, එම තත්ත්වය මැඩපැවැත්වීම සඳහා මෙම ඒකාබද්ධ ප්‍රහාරය එල්ලකළ බව පවසයි.

යේමනයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකවරයා පවසා තිබුණේ මෙම ප්‍රහාරය යේමනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය මෙන්ම ජාත්‍යන්තර නීතිද උල්ලංඝනය කිරීමක් බවයි.

තවද, ලෙබනනයේ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමද යේමනයට එල්ල කළ මෙම ප්‍රහාරය හෙළා දැක ඇත.

විදෙස්

පස් වසරකට පසු යුක්‍රේන අගමැති ධුරයේ වෙනසක්

Published

on

By

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් එරට අග්‍රාමාත්‍ය ධුරයේ වෙනසක් සිදුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ රුසියාව සමග සාමය සඳහා ඇති අපේක්ෂාවන් බිඳ වැටෙමින් පවතින පසුබිමක යුද කාලීන කළමනාකරණය සහ පුනර්ජීවනය අරමුණු කරගනිමින් මෙම සංශෝධනය සිදුකර ඇති බවය.

ඒ අනුව එරට නව අගමැතිවරිය ලෙස 39 හැවිරිදි යුලියා ස්වයිරිඩෙන්කෝ පත් කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන් ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇති පරිදි යුක්‍රේන ජනාධිපතිවරයා එරට කැබිනට් මණ්ඩලයේ මෙම වෙනස්කම සිදුකර ඇත්තේ වසර පහකට පසුවීමද විශේෂත්වයකි.

පසුගිය අඟහරුවාදා දින යුක්‍රේනයේ හිටපු අගමැති ඩෙනිස් ෂ්මිහාල් පැවසුවේ එළැඹෙන සතියේදී රජය විසින් අපේක්ෂා කරන එරට විශාලතම යුද කාලින රජයේ ප්‍රතිංසංවිධානයේ කොටසක් ලෙස තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවය.

ඒ අනුව අදාළ ඉල්ලා අස්වීමෙන් පසු යුක්‍රේන ජනාධිපතිවරයා විසින් නව අගමැති ධුරය සඳහා යුලියා ස්වයිරිඩෙන්කෝ නම් කළ අතර ඊට එරට පාර්ලිමේන්තුවේද අනුමැතිය හිමිව ඇත.

යුලියා යනු පසුගිය 2021 නොවැම්බර් මාසයේ සිට යුක්‍රේනයේ නියෝජ්‍ය අගමැතිනිය මෙන්ම ආර්ථික අමාත්‍ය ධූරය දැරූ කාන්තාවද වන අතර ඇය යුක්‍රේන ජනාධිපතිවරයාගේ සමීපතම සහ දිගුකාලීන මිතුරියකි.

මේ අතර අගමැති ධුරයෙන් ඉල්ලා අස්වූ යුක්‍රේන හිටපු අගමැති ඩෙනිස් ෂ්මිහාල් යුක්‍රේනයේ නව ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද පත් කිරීමට සෙලෙන්ස්කි තීරණය කර ඇති බවද වාර්තා වේ.

යුක්‍රේන ජනාධිපතිවරයා මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යුලියා පවසා ඇත්තේ තීරණාත්මක අවස්ථාවේදී තමන් අගමැති ධුරයට පත් කිරීමට කටයුතු කිරීම සම්බන්ධව තමන් සෙලෙන්ස්කිට කෘතඥ වන බවය.

එමෙන්ම යුක්‍රේනයේ ආර්ථික විභවය ශක්තිමත් කිරීම මෙන්ම යුක්‍රේන ජාතිකයින් සඳහා ආධාරක වැඩසටහන් පුළුල් කිරීම මෙන්ම අවි නිෂ්පාදනය ඉහළ නැංවීම රජයේ ප්‍රමුඛතා වනු ඇතැයිද ඇය මෙහිදී පවසා ඇත.

මෙම සතිය අගදි පාර්ලිමේන්තුව විසින් යුලියාගේ නාමයෝජනාව සඳහා ඡන්දය ප්‍රකාශය කිරීමට නියමිත අතර ඉදිරි මාස 06 සඳහා ප්‍රමුඛතා කාර්යයන් පිළිබඳව තමා දැනටමත් ඇය සමග සාකච්ඡා කර ඇති බවද යුක්‍රේන ජනාධිපතිවරයා පවසා තිබේ.

Continue Reading

විදෙස්

ඩොනල්ඩ් ට්‍රම්ප්ට නිදන්ගත නහර රෝගයක්

Published

on

By

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිදන්ගත නහර රෝගයකින් පෙළෙන බව ධවල මන්දිරය නිවේදනය කරයි.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පැවසුවේ, රෝග නිර්ණය සඳහා පරීක්ෂණයක්ද සිදුකළ බවය.

ඒ ජනාධිපතිවරයාගේ අතේ තැලීම් හා කකුල් ඉදිමීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් අනතුරුවයි.

Continue Reading

විදෙස්

ඉරාකයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නක්. 50ක් මරුට

Published

on

By

ඉරාකයේ සාප්පු සංකීර්ණයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 50දෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

නැගෙනහිර ඉරාකයේ පිහිටි අල්-කුට් නගරයේ සාප්පු සංකීර්ණයක මෙම දැවැන්ත ගින්න ඇති වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ගිනි නිවන භටයින් ගින්න මැඩපැවැත්වීමට උත්සාහ කරන බව වාර්තා වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved