පුහුණුවීමක් අතරතුරදී මැලේසියාවේ නාවික හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් ගුවනේදී එකිනෙක හා ගැටීමෙන් අනතුරුව අනතුරට පත්ව තිබේ.
එම අනතුරින් එම යානා වල සිටි කාර්ය මණ්ඉල සාමාජිකයන් දස දෙනාම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට නාවික හමුදාවේ සැමරුම් උත්සවයක් සඳහා පෙරහුරුවීමක් අතරතුර හෙලිකොප්ටර් යානා දෙකක් එලෙස ගුවනේදී ගැටී අනතුර සිදුව ඇත.
මෙම සිද්ධිය සිදුව ඇත්තේ එරට රාජකීය නාවික හමුදා කඳවුරක් පිහිටි මැලේසියාවේ Lumut නගරයේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ කිරීමට නියමිතය.