Connect with us

විදෙස්

පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදිගෙන් අවසර

Published

on

පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී තිබේ.

ඒ පසුගිය දා කාශ්මීරයේ දී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්ය.

ඒ අනුව ප්‍රහාර එල්ල කළ යුතු වේලාව සහ ඉලක්ක තීරණය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ආරක්ෂක හමුදාවන්ට පූර්ණ මෙහෙයුම් නිදහස ලබාදී ඇති බව ඉන්දීය රජයේ අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ නවදිල්ලි හිදී රැස්වූ විශේෂ ජාතික ආරක්ෂක කවුන්සලයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම අවසරය ලබාදී ඇත.

මේ සඳහා ඉන්දීය හමුදා ප්‍රධානීන් මෙන්ම ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්‍යනාත් සිං මහතා ද එක්ව තිබුණි.

මේ අතර ඉදිරි පැය 24ත් 36ත් දක්වා කාලය තුළ ඉන්දියාව විසින් හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට අදහස් කරන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ පාකිස්තානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලාගේ X ගිණුමේ සටහනක් උපුටා දක්වමින්ය.

එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ,  ඉන්දියාවෙන් සිදුවන එවැනි ඕනෑම මිලිටරි වික්‍රමාන්විතයකට නිසැකවම සහ තීරණාත්මකව ප්‍රතිචාර දක්වන බවය.

විදෙස්

රටවල් 12 කට ඇමරිකාවට ඇතුළුවීමට ට්‍රම්ප්ගෙන් තහනමක්

Published

on

By

රටවල් 12 ක ජාතිකයින්ට එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ ලියවිලි සඳහා අත්සන් තබා තිබේ.

ඔහු පවසා ඇත්තේ “විදේශීය ත්‍රස්තවාදීන්ගෙන්” සහ අනෙකුත් ආරක්ෂක තර්ජන වලින් ආරක්ෂා වීම සඳහා මෙලෙස ක්‍රියා කළයුතු බවය.

එසේ තහනමට ලක් වු රටවල් වන්නේ ඇෆ්ගනිස්තානය, මියන්මාරය, චැඩ්, කොංගෝව, ඇක්වටෝරියල් ගිනියාව, එරිත්‍රියාව, හයිටි, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය සහ යේමනයයි.

බුරුන්ඩි, කියුබාව, ලාඕසය, සියරා ලියොන්, ටෝගෝ, ටර්ක්මෙනිස්තානය සහ වෙනිසියුලාව යන තවත් රටවල් හතක පුද්ගලයින්ට ඇතුළුවීම අර්ධ වශයෙන් සීමා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

සිය X ගිණුමේ වීඩියෝවක් පලකරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ “අපට හානියක් වෙනවාට කැමැත්තෙන් සිටින පුද්ගලයින්ට අපගේ රටට ඇතුළු වීමට අපි ඉඩ දෙන්නේ නෑ,” යනුවෙනි.

එමෙන්ම ඔහු පවසා ඇත්තේ අදාළ ලැයිස්තුව සංශෝධනය විය හැකි බවත් එම ලැයිස්තුවට තවත් රටවල් එකතු විය හැකි බවත්ය.

මෙම ක්‍රියාමාර්ග 2025 ජුනි 09 වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිත අතර එම දිනයට පෙර නිකුත් කරන ලද වීසා අවලංගු නොකරන බව නියෝගයේ සඳහන් වේ.

ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළද බහුතර මුස්ලිම් රටවල් හතක සංචාරකයින් සඳහා තහනමක් ප්‍රකාශයට පත් කළ අතර, ට්‍රම්ප්ගෙන් පසු බලයට පත් වූ  හිටපු ජනාධිපති ජෝ බයිඩන් විසින් 2021 දී එම තහනම අවලංගු කළේය.

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading

විදෙස්

කැනඩාවේ සමූහ වෙඩි තැබීමක්

Published

on

By

කැනඩාවේ ටොරොන්ටෝ හි දී සමූහ වෙඩි තැබීමක් සිදුව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවය.

එරට පොලීසිය සැකපළ කරන්නේ වෙඩි තැබීම සඳහා පුද්ගලයින් කිහිපදෙනෙකු පැමිණ ඇති බවටය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved