Connect with us

විදෙස්

පැරිස් හි පිපිරීමකින් 37කට තුවාල

Published

on

ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ගොඩනැගිල්ලක සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 37දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබු පුද්ගලයින් රෝහල්ගත කර ඇති අතර ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

එමෙන්ම පිපිරීමෙන් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර පුද්ගලයින් සිරවී සිටී ද යන්න සම්බන්ධයෙන් මෙහෙයුම් කණ්ඩායම් විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එරට ආරක්ෂක අංශ විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

විදෙස්

ටෙක්සාස් හි ගංවතුර නිසා මරණ සංඛ්‍යාව තවත් ඉහළට

Published

on

By

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ටෙක්සාස් ප්‍රාන්තයේ ග්වාඩලූප් ගඟ දිගේ ජල මට්ටම ඉහළ යෑමෙන් ඇති වූ මෙම ගංවතුර නිසා තවත් බොහෝ පිරිසක් අතුරුදහන් වී ඇත.

Continue Reading

විදෙස්

අමෙරිකානු තීරුබදු අනුපාත අද සිට ලිපි මගින් එක් එක් රටට

Published

on

By

තීරුබදු විරාමය ජූලි 9 වන දින අවසන් වීමට පෙර, තම පරිපාලනය රටවල්වලට යටත් වන තීරුබදු අනුපාත පිළිබඳව දැනුම් දෙමින් ලිපි යවන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
 
ඔහු පවසා සිටියේ අද (04) සිට එම ලිපි යැවීම ආරම්භ කරන බවය.
 
වියට්නාමය සමඟ බදාදා ප්‍රකාශයට පත් කරන ලද වෙළඳ ගිවිසුමකට අමතරව “තවත් ගිවිසුම් කිහිපයක්” අත්සන් කිරීමට අපේක්ෂා කරන බව ද  ජනපතිවරයා විසින් සඳහන් කර ඇත.

Continue Reading

විදෙස්

මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියගොස් 38ක් අතුරුදහන්

Published

on

By

ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් මේ වන විට සිව්දෙනෙකු මියගොස් 38 දෙනෙකු අතුරුදහන් වී 23 දෙනෙකු දිවි ගලවා ගෙන ඇති බව වාර්තා වේ.

නැගෙනහිර ජාවා හි බන්යුවන්ගි වරායෙන් ඊයේ (02) බාලි බලා මෙම මගී නෞකාව පිටත්ව ගොස් ඇත.

ගමන ආරම්භ කර පැය භාගයකට පමණ පසු මෙම නෞකාව පෙරළි ගිලී ගොස් ඇති සඳහන් වේ.

බෝට්ටුවේ මගීන් 53 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු සිට ඇති අතර එම නෞකාවේ ට්‍රක් රථ 14ක් ඇතුළුව රථ වාහන 22 ක් ද තිබී ඇති බව වාර්තා වේ.

අතුරුදහන් වූවන් සෙවීමේ කටයුතු සිදුවෙමින් පවතින නමුත් අයහපත් කාලගුණය හේතුවෙන් දැඩි බාධා එල්ල වී බව සඳහන් වේ.

දූපත් 17,000 කට වඩා වැඩි දූපත් සමූහයක් වන ඉන්දුනීසියාවේ මෙම මගී නෞකා සාමාන්‍ය ප්‍රවාහන ක්‍රමයක් වන අතර, ප්‍රමාණවත් ජීවිතාරක්ෂක උපකරණ නොමැතිව මෙම නෞකා යාත්‍රා කරන අතර දැරිය නොහැකි තරමට බර පටවා ගැනීම හේතුවෙන් අනතුරු බහුලව සිදු වන බව සඳහන් වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved