විදෙස්

බංග්ලාදේශ මුදල් නෝට්ටුවලින් ෂෙයික් මුජිබර්ගේ රුව ඉවතට

Published

on

බංග්ලාදේශයේ නිර්මාතෘවරයා මෙන්ම එරට ජාතියේ පියා ලෙස ද සැලකෙන ශෙයික් මුජිබර් රහමන්ගේ රුව, එරට මුදල් නෝට්ටුවලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

මුද්‍රණය කෙරෙන නව නෝට්ටුවල ඔහුගේ රුව ඇතුළත් නොකරන ලෙසට බංග්ලාදේශ අන්තර්වාර රජය විසින් එරට මහ බැංකුව වෙත උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශෙයික් මුජිබර් රහමන්ගේ දියණිය වන බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පසුගිය ජුලි මාසයේ සිසුන් මූලික කරගත් විරෝධතා හමුවේ ධුරයෙන් පහ කෙරුණි.

එම විරෝධතාවලදී බංග්ලාදේශයේ නිර්මාතෘවරයා මෙන්ම එරට ජාතියේ පියා ලෙස ද සැලකෙන ශෙයික් මුජිබර් රහමන්ගේ රුව සහිත ස්මාරක ද විනාශ කිරීමට විරෝධතාකරුවන් කටයුතු කර තිබුණි.

මුද්‍රණය කෙරෙන නව නෝට්ටු සඳහා ජුලි මාසයේ පැවති විරෝධතාවල දර්ශන ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

Trending

Exit mobile version