Connect with us

විදෙස්

බීමත්ව රිය පැදවු අධිකරණ ඇමතිවරිය, ඉල්ලා අස්වෙයි

Published

on

රිය අනතුරකින් පසුව බීමත්බව පරීක්ෂා කරන ආශ්වාස ප්‍රාශ්වාස පරීක්ෂණය අසමත් වූ නවසීලන්ත අධිකරණ අමාත්‍ය කිරි ඇලන්, වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

39 හැවිරිදි ඇලන් හට අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම හා අත්අඩංගුවට ගැනීමේදී ඊට විරුද්ධවීම යන චෝදනා එල්ලවී ඇත. කෙසේවෙතත් එම රිය අනතුරෙන් කිසිදු ජීවිත හානියක් සිදු වී නැති බවද වාර්තා වෙයි.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිසිය විසින් ඇයව පැය 4ක් පුරාවට රඳවාගෙන සිටීමෙන් අනතුරුව නිදහස් කර ඇති අතර, ඉදිරි දිනකදී ඇය අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

ඇය, නවසීලන්ත අගමැති ක්‍රිස් හිප්කින්ස් ගේ අමාත්‍ය මණ්ඩලයෙන් ඉවත් වූ සිවුවැනි ඇමති වේ. කෙසේවෙතත්, ඇය දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කිරීමට නියමිතය.

පසුගිය මාසයේ සිය සහකාරියගෙන් වෙන් වූ කිරි ඇලන් හට, සිය කාර්‍ය මණ්ඩලය සමඟ දුර්වල වෘත්තිමය සබඳතා පවත්වාගැනීම යන චෝදනාවද එල්ල වී තිබුණි.

විදෙස්

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි කරයි

Published

on

By

ඊශ්‍රායල විසින් ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්‍රහාර දැඩි කර තිබේ.

ඒ අනුව අද අලු‍යම සිට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 24 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊශ්‍රායලයේ අඛණ්ඩ මෙහෙයුම් හමුවේ ගාසාහි විශාලම රෝහල්වල කටයුතු පවත්වා ගෙන යාමට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම හේතුවෙන් ප්‍රතිකාර කටයුතු අඩාල වී රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බව ද සඳහන්ය.

Continue Reading

විදෙස්

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූතී කැරළිකරුවන්ගෙන් ප්‍රහාර

Published

on

By

රතු මුහුදේ යාත්‍රා කළ තවත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූතී කැරළිකරුවන් ප්‍රහාර එල්ල කර තිබේ.

හූති කැරළිකරුවන් රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට මෙම සතිය තුළ එල්ල කළ දෙවන ප්‍රහාරය ⁣මෙය වේ.

ප්‍රහාරයෙන් අනතුරුව නෞකාව මුහුදුබත් වී ඇති අතර ඉන්  කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු  දිවි බේරාගෙන තිබේ.

ඉන් කිහිපදෙනෙකු හූතී කැරළිකරුවන් විසින් පැහරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලයිබීරියානු ධජය සහිත ග්‍රීක එටර්නිටි සී නෞකාවට ප්‍රහාරය එල්ල කරන අවස්ථාවේ කාර්ය මණ්ඩලය සාමාජිකයින් 25 දෙනෙකු එහි සිට ඇතැයි සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නෞකාව මුහුදුබත් වීමෙන් කාර්ය මණ්ඩල සාමජිකයින් 15 දෙනෙකු පමණ අතුරුදන් වී ඇති බවයි.

අදාල නෞකාව ඊශ්‍රායලය බලා යාත්‍රා කිරිම හේතුවෙන් ප්‍රහාර එල්ල කළ බව හුති කැරළිකරුවන් පවසා තිබේ.

Continue Reading

විදෙස්

නොබෙල් සාම ත්‍යාගයට ට්‍රම්ප්ගේ නමත්

Published

on

By

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබේ.

ධවල මන්දිරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර, නෙතන්යාහු මේ බව දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මැද පෙරදිග කලාපයේ සාමය සහ ආරක්ෂාව ඇති කිරීම වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දරන උත්සාහය වෙනුවෙන් ඔහුගේ නම මෙලෙස යෝජනා කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved