විදෙස්

මගී ප්‍රවාහන යාත්‍රාවක් අනතුරට ලක්වී ජීවිත 13ක් අහිමි වෙයි

Published

on

ඉන්දියාවේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මගී ප්‍රවාහන යාත්‍රාවක එරට නාවික හමුදා බෝට්ටුවක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයින් අතර ඉන්දීය නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ නාවික යාත්‍රාවට වේගය පාලනය කරගත නොහැකිව මගී ප්‍රවාහන නෞකාවේ ගැටී තිබේ.

අනතුරෙන් මගී යාත්‍රාවේ සිටි පුද්ගලයින් සිය දෙනෙකුට අධික පිරිසක් මුදා ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කර ඇති බව වාර්තා වේ.

නාවික යාත්‍රාවේ එන්ජිමේ සිදූවු දෝෂයක් මෙම අනතුරට හේතු වී ඇති බවට අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්ය.

Trending

Exit mobile version