තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.
සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ 2020 මැතිවරණ ප්‍රතිඵල අභියෝගයට ලක්කරමින් 2021 වසරේ ජනවාරි මස 06 වනදා Capitol හි ඇතිවූ කැරැල්ල සම්බන්ධයෙන් තමන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි.
ෆෙඩරල් පරීක්ෂණයක් හරහා තමන් මෙලස අත්අඩංගුවට ගැනීමට සැරසෙන බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.