වසරේ 11 වැනි සුළිකුණාටුවක් වන, යාගි සුළි කුණාටුව දකුණු චීනයට ළඟා වී තිබේ.
මේ හේතුවෙන් අද (06) පස්වරුව වන විට එම සුළිකුණාටුව හේතුවෙන් හයිනෑන් හා ග්වංඩොං ඇතුළු පළාත් කිහිපයකටම දැඩි වැසි හා තද සුළං වලට මුහුණ දීමට සිදුවිය.
යාගි සුළි කුණාටුවට සූදානම් වීමට දකුණු චීන බලධාරීන් පසුගිය දින කිහිපය පුරාවටම පියවර රැසක් ගෙන තිබුණු අතර, හයිනෑන් පළාතේ වන්චං නගරය පුරා ඉදිකර තිබූ ආරක්ෂිත ස්ථාන 500කට වැඩි ප්‍රමාණයක් කරා පුද්ගලයන් 460,000ක් ඉවත් කර තිබුණු බව එරට මාධ්‍ය වල දැක්වේ.
හදිසි අවස්ථා වලට මුහුණ දීමට ගිනි නිවන භටයන්, හමුදා සොල්දාදුවන් හා අතිරේක ගලවා ගැනීමේ පිරිස් 20,000ක් පමණ සීරුවෙන් තබා තිබේ.
සබැඳි වීඩියෝ