වසර 2022 නොබෙල් සාම ත්‍යාගය බෙලරුසියානු මානව හිමිකම් ක්‍රියාකාරියෙකුට හා යුක්‍රේන හා රුසියානු මානව හිමිකම් සංවිධාන දෙකක් වෙත හිමිවී තිබේ.
ඒ අනුව බෙලරුසියාවේ Ales Bialiatski සහ රුසියාවේ ‘මෙමෝරියල්’ හා යුක්‍රේනයේ ‘සෙන්ටර් ෆෝ සිවිල් ලිබටීස්’ යන මානව හිමිකම් සංවිධාන වෙත නොබෙල් සාම ත්‍යාගය හිමිවන බව නෝවේජියානු නොබෙල් කමිටුව අද (07) නිවේදනය කර තිබුණි.
යුද අපරාධ, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම් වාර්තා කිරීම සඳහා ඔවුන්ගේ කැපී පෙනෙන උත්සාහයන් ඇගයීමට නොබෙල් සාම ත්‍යාගය ඔවුන්ට පිරිනමන බව නොබෙල් කමිටුව පවසයි.