Connect with us

විදෙස්

ලෙබනනයේ හිටපු මහ බැංකු අධිපති අත්අඩංගුවට

Published

on

ලෙබනනයේ හිටපු මහ බැංකු අධිපති රියාඩ් සලාමේ ව බේරූට් නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ බ්‍රෝකර් සමාගමක සිදුකර තිබූ මූල්‍ය අපරාධ සම්බන්ධයෙනි.

73 හැවිරිදි සලාමේ එරට මහ බැංකු අධිපති ලෙස වසර 30ක් පමණ සේවය කර ඇති අතර නමුත් ඔහුගේ අවසාන වසර කිහිපයේදී මූල්‍ය අපරාධ චෝදනා එල්ල වුණි.

එසේම මහජන අරමුදල් වංචනික ලෙස භාවිත කළ බවට ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වෙයි.

විදෙස්

පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදිගෙන් අවසර

Published

on

By

පාකිස්තානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ඉන්දීය ආරක්ෂක හමුදාවන්ට විශේෂ අවසරයක් ලබාදී තිබේ.

ඒ පසුගිය දා කාශ්මීරයේ දී එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්ය.

ඒ අනුව ප්‍රහාර එල්ල කළ යුතු වේලාව සහ ඉලක්ක තීරණය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එරට ආරක්ෂක හමුදාවන්ට පූර්ණ මෙහෙයුම් නිදහස ලබාදී ඇති බව ඉන්දීය රජයේ අභ්‍යන්තර වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊයේ නවදිල්ලි හිදී රැස්වූ විශේෂ ජාතික ආරක්ෂක කවුන්සලයේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම අවසරය ලබාදී ඇත.

මේ සඳහා ඉන්දීය හමුදා ප්‍රධානීන් මෙන්ම ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්‍යනාත් සිං මහතා ද එක්ව තිබුණි.

මේ අතර ඉදිරි පැය 24ත් 36ත් දක්වා කාලය තුළ ඉන්දියාව විසින් හමුදා ප්‍රහාරයක් දියත් කිරීමට අදහස් කරන බවට විශ්වාසදායක බුද්ධි තොරතුරු ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ පාකිස්තානයේ තොරතුරු අමාත්‍ය අතාවුල්ලාගේ X ගිණුමේ සටහනක් උපුටා දක්වමින්ය.

එහිදී අමාත්‍යවරයා පවසා ඇත්තේ,  ඉන්දියාවෙන් සිදුවන එවැනි ඕනෑම මිලිටරි වික්‍රමාන්විතයකට නිසැකවම සහ තීරණාත්මකව ප්‍රතිචාර දක්වන බවය.

Continue Reading

විදෙස්

පෘථිවියේ හුස්ම රකින්න ඉහළට ගිය නව ආරක්ෂකයා

Published

on

By

පෘථීවියේ වනාන්තර අධ්‍යයනය කිරීම සඳහා වූ විශේෂ මෙහෙයුමක් වෙනුවෙන් නව චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කිරීම ඊයේ (29) දිනයේ දී සිදුවිය.

Biomass නම් මෙම චන්ද්‍රිකාව ලෝකයේ වනාන්තර සහ කාබන් චක්‍රයේ ඒවායේ භූමිකාව පිළිබඳ අධ්‍යයනය කිරීම, වනාන්තර පිළිබඳ නව අවබෝධයන් මෙන්ම වන විනාශයේ ප්‍රදේශ අනාවරණය සඳහා වූ අති නවීන රේඩාර් තාක්ෂණය යොදාගනිමින් නිර්මාණය කර තිබේ.

මෙවැනි වර්ගයේ චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කිරීම සිදුකරනු ලබන්නේ ද පළමුවරටයි.

පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 666ක් ඉහළින් කක්ෂගත කරනු ලබන Biomass චන්ද්‍රිකාවේ ඇති මීටර් 12ක විශ්කම්භයෙන් යුත් ඇන්ටනාව හරහා පෘථිවියේ වනාන්තර සිතියම් ගත කිරීම සිදු කිරිමටද නියමිතය.

එමඟින් ශාක කොපමණ උසකට පවතිද මෙන්ම වනාන්තර ඝනත්වය වැනි දත්ත එක්රැස් කර ගැනීම ද සිදුවනු ඇත.

Continue Reading

විදෙස්

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක්

Published

on

By

ස්පාඤ්ඤයට සහ පෘතුගාලයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ , ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ ප්‍රදේශ රැසක විදුලිය බිදවැටීම හේතුවෙන් ය.

ප්‍රංශය සහ ස්පාඤ්ඤය අතර විදුලිබල පද්ධතියේ ගැටළුවක් විදුලිය ඇනහිටීමට හේතුවී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.  

විදුලිය විසන්ධි වීම හේතුවෙන්, දෙරටේම දුම්රිය අවලංගු කිරීම්, ගුවන් තොටුපොළවල ප්‍රමාදයන් සහ මාර්ග සංඥා ක්‍රියා විරහිත වීම් සිදුවී තිබේ.

ස්පාඤ්ඤය පවසන්නේ, විදුලි සැපයුම යථාවත් කිරීමට තවත් පැය කිහිපයක් ගත විය හැකි බවයි.

මේ අතර, පෘතුගාලයේ විදුලි බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා සතියක් පමණ කාලයක් ගතවනු ඇති බව එරට ප්‍රමුඛ බලශක්ති සමාගමක් වන රෙන් පවසයි.

යුරෝපා කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්ටා සඳහන් කළේ, විදුලිය බිඳ වැටීම හමුවේ මෙට්‍රෝ සේවා සැපයුම්වලට ද බාධා එල්ල වී ඇති අතර මෙය සයිබර් ප්‍රහාරයක් නොවන බවයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved