Connect with us

විදෙස්

සියැට්ල් වල කුලභේදය තහනම් වෙයි

Published

on

කුලය මත පදනම්ව වෙනස් කොට සැලකීම තහනම් කළ පළමු ඇමෙරිකානු නගරය බවට සියැට්ල් නගරය පත්ව ඇත. 

මේ පිළිබඳ ආඥාපනතක් ඊයේ (21) දිනයේදී සියැට්ල් නගර සභාවේ පැවති ඡන්දයකින් සම්මත විය.

මෙම ආඥාපනත සම්පාදනය කිරීමට මූලිකත්වය දී ඇත්තේ සියැට්ල් නගර සභාවේ සිටින, එකම ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානු ජාතිකයා වන ෂාමා සාවන්ත්ය.

ඇය පවසා ඇත්තේ කුල භේදයට එරෙහි සටන “සියලු ආකාරයේ පීඩා කිරීම් වලට එරෙහි සටනට ගැඹුරින් සම්බන්ධ වන” බවයි. 

මීට සහය දැක්වූවන්ද පවසා ඇත්තේ කුල භේදය තවදුරටත් ඇමෙරිකාවේ පැතිරීම වැළැක්වීමට මෙම පියවර ගැනීම අවශ්‍ය බවයි.

කෙසේවෙතත්, ඇතැම් හින්දු ඇමරිකානු කණ්ඩායම් මීට විරෝධය දක්වමින් පවසා ඇත්තේ ඇමෙරිකානු නීතිය යටතේ මේ වන විටත් එවැනි වෙනස්කම් කිරීම තහනම් බැවින්, මෙවැනි පියවර අනවශ්‍ය බවයි.

වසර 3,000කට පමණ ඉහතදී පටන් පවතින ඉන්දීය කුල භේදය 1948දී ඉන්දියාවේද නීත්‍යානුකූලව තහනම් කර ඇති නමුත්, සාමාජීය මට්ටමින් ඉතා දරුණු ලෙස අදටත් පවතියි.

විදෙස්

බංග්ලාදේශ මුදල් නෝට්ටුවලින් ෂෙයික් මුජිබර්ගේ රුව ඉවතට

Published

on

By

බංග්ලාදේශයේ නිර්මාතෘවරයා මෙන්ම එරට ජාතියේ පියා ලෙස ද සැලකෙන ශෙයික් මුජිබර් රහමන්ගේ රුව, එරට මුදල් නෝට්ටුවලින් ඉවත් කිරීමට තීරණය කර තිබේ.

මුද්‍රණය කෙරෙන නව නෝට්ටුවල ඔහුගේ රුව ඇතුළත් නොකරන ලෙසට බංග්ලාදේශ අන්තර්වාර රජය විසින් එරට මහ බැංකුව වෙත උපදෙස් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ශෙයික් මුජිබර් රහමන්ගේ දියණිය වන බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා පසුගිය ජුලි මාසයේ සිසුන් මූලික කරගත් විරෝධතා හමුවේ ධුරයෙන් පහ කෙරුණි.

එම විරෝධතාවලදී බංග්ලාදේශයේ නිර්මාතෘවරයා මෙන්ම එරට ජාතියේ පියා ලෙස ද සැලකෙන ශෙයික් මුජිබර් රහමන්ගේ රුව සහිත ස්මාරක ද විනාශ කිරීමට විරෝධතාකරුවන් කටයුතු කර තිබුණි.

මුද්‍රණය කෙරෙන නව නෝට්ටු සඳහා ජුලි මාසයේ පැවති විරෝධතාවල දර්ශන ඇතුළත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

Continue Reading

විදෙස්

සඳ ගමන ප්‍රමාද වන බවට නාසා වෙතින් නිවේදනයක්

Published

on

By

ගගනගාමීන් නැවත සඳ වෙත යැවීමේ සැලසුම් (NASA’s Artemis program) තවදුරටත් ප්‍රමාද කරන බව, එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා නිවේදනය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් නාසා ඒජන්සිය සඳහන් කරන්නේ 2026 දී සඳ මතට ගොඩබෑමේ සැලසුම්ගත මෙහෙයුම 2027 වසර තෙක් සිදු නොවන බවය.

මීට අමතරව, 2025 සැප්තැම්බර් මාසයේදී ගගනගාමීන් සඳ වටා පියාසර කිරීමට නියමිතව තිබූ ‘පාත්ෆයින්ඩර් මෙහෙයුම’ (pathfinder mission) ද 2026 වසරේ අප්‍රේල් මාසයට පෙර සිදු නොවනු ඇති බව සඳහන්ය.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, මෙම ප්‍රමාදයන්ට හේතුව චන්ද්‍ර මෙහෙයුම් දෙකේදීම ගගනගාමීන්ගේ නිවහන වන ඔරියන් අභ්‍යවකාශ යානයෙ හි ගැටළු සමඟ සම්බන්ධ වන බවය.

එනම්, පරීක්ෂණ පියාසැරියෙන් අනාවරණය වුණු කැප්සියුලයේ තාප ආවරණයේ ගැටලු විසඳීමට කාලයක් අවශ්‍ය වන බව වැඩිදුරටත් සඳහන්ය.

Continue Reading

විදෙස්

16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනමක්

Published

on

By

වයස අවුරුදු 16ට අඩු ළමයින් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.

මේ අනුව ඔස්ට්‍රේලියාව එවන් නීතියක් සම්මත කළ ලොව පළමු රාජ්‍යය බවට පත්වී ඇත.

සමාජ මාධ්‍ය භාවිතයේ ඇති අයහපත් කරුණු සලකමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් ය.

අදාළ යෝජනාව ඊයේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කෙරුණු අතර, ඊට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවුණි.

ඒ සෙනෙට් සභාවේ ඡන්ද 34ට 19ක් ලෙස සම්මත වෙමිනි.

කෙසේ නමුත් එම නීතිය ක්‍රියාවට නැංවීමට වසරක පමණ කාලයක් ගතවනු ඇත.

එම නීතිය කඩකර වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍යට පිවිසීමේ අවස්ථාව ලබාදෙන ඕනෑම සමාජ මාධ්‍ය ජාලයකට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50ක උපරිම දඩයක් පැනවීමේ අවස්ථාවත් එම නීතිය මගින් පනවා තිබේ.

සමාජ මාධ්‍ය භාවිතයෙන් තරුණ ප්‍රජාවට සිදුවන හානියෙන් ඔවුන් ආරක්ෂා කිරීමට මෙවන් නීතියක් හඳුන්වාදුන් බව ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනී ඇල්බනීස් පවසයි.

කෙසේ නමුත් මෙම නීතිය ක්‍රියාවට නැංවීම කෙතරම් සාර්ථක වේ දැයි බොහෝ පාර්ශ්ව සැක පළ කරයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved