චීනයේ ජූහායි ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් ඉදිරිපිට ව්‍යායාම කරමින් සිටි පිරිසක් වෙත ඉතා වේගයෙන් මෝටර් රථයක් පැදවීම හේතුවෙන් එහි සිටි පුද්ගලයන් 35ක් මියගොස් තවත් 43ක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
62 හැවිරිදි පුද්ගලයෙකු වන මෙම සැකකරු, අත්අඩංගුවට පත්වීමට පෙර සිය මෝටර් රථය තුළදීම පිහියක ආධාරයෙන් තමාටම දරුණු තුවාල සිදුකරගෙන ඇති බවත්, මේ වන විට කෝමා තත්ත්වයෙන් රෝහල්ගතව සිටින බැවින් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නොහැකිව සිටින බවත් චීන මාධ්‍ය වල දැක්වේ.
මූලික විමර්ශන වලදී හෙළී වී ඇත්තේ සැකකරුගේ දික්කසාදයෙන් පසු දේපොළ බේරුම්කරණයේ දී සිදු වූ ගැටලුවක් සම්බන්ධයෙන් ඇති වූ මානසික පීඩනයක් හේතුවෙන් මෙම පුද්ගලයා මෙය සිදුකර ඇති බවය.