Connect with us

විදෙස්

සෞදි අරාබියෙන් රටවල් 13කට  තාවකාලික වීසා තහනමක්

Published

on

සෞදි අරාබිය විසින් බංග්ලාදේශය ඇතුළු රටවල් 13කට තාවකාලික වීසා තහනමක් පනවා ඇතැයි විදෙස් මාධ්‍ය විසින් වාර්තා කරනු ලබයි.

ජුනි මැද භාගය වන විට එය ඉවත් කළ හැකි බවත් එම වාර්තා අතර සඳහන්ය.

මෙලෙස වීසා තහනමෙන් බලපෑමට ලක් වූ රටවල් වන්නේ පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරාකය, නයිජීරියාව, ජෝර්දානය, ඇල්ජීරියාව, සුඩානය, ඉතියෝපියාව, ටියුනීසියාව සහ යේමනයයි.

මෙම තාවකාලික සීමාව පිටුපස ඇති ප්‍රධාන හේතු කිහිපයක්ද සෞදි නිලධාරීන් විසින් ඉස්මතු කර තිබේ.

ඇතැම් පුද්ගලයින් සෞදි අරාබියට ඇතුළු වීමට බහු-ප්‍රවේශ වීසා භාවිතා කර ඇති අතර පසුව හජ් සමය දක්වා නීති විරෝධී ලෙස රැඳී සිටීම,

මේ හේතුවෙන් අධික තදබදය සහ ආරක්ෂක අවදානම් මතුවීම සහ

ව්‍යාපාරික හෝ පවුල් සංචාර වීසා මත ඇතුළු වන බොහෝ පුද්ගලයින් අවසරයකින් තොරව වැඩ කරමින්, වීසා කොන්දේසි උල්ලංඝණය කරමින් සහ ශ්‍රම වෙළඳපොලේ බාධා ඇති කරමින් සිටින බව මෙම තාවකාලික සීමා වලට හේතුසාධක වී ඇත.

මේ නිසා හජ් සමයේදී සංචාර නියාමනය කිරීමට සහ ආරක්ෂාව සහතික කිරීමට තාවකාලික වීසා අත්හිටුවීම අදහස් කරන බව සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

බලධාරීන් වීසා අයැදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ නව රෙගුලාසිවලට අනුකූල වන ලෙසත් එසේ කිරීමට අපොහොසත් වීමෙන් දඬුවම් ලැබිය හැකි බවට අනතුරු ඇඟවීමක් ද සිදුකර ඇත.

විදෙස්

ඉන්දියා – පාකිස්ථාන සටන් විරාමය මැයි 18 දක්වා

Published

on

By

ඉන්දියාව සහ පකිස්ථානය අතර සටන් විරාමය මැයි 18 වන දින දක්වා දීර්ඝ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් සඳහන් කරන්නේ දෙරටේ හමුදා භටයන් සටන් විරාමය දීර්ඝ කිරීමට තීරණය කළ බවත්, දේශපාලන සංවාදයක් සමග ඉදිරියට යාමට සැලසුම් කර ඇති බවය.

මේ අතර ‘සින්දූර්’ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස, ඉන්දියාවේ ආරක්ෂක අයවැයට රුපියල් කෝටි 50,000 ක වැඩිවීමක් විය හැකි බව රජයේ වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ යළි ඉන්දියාව හා පාකිස්ථානය අතර යුදමය තත්ත්වයක් ඇතිවූ අතර, පසුව දින කිහිපයක් පැවති අවි ගැටුම් නතර කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළකර තිබුණි.

Continue Reading

විදෙස්

සාම සාකච්ඡාවලට නො එන බව  පුටින්   පවසයි

Published

on

By

තුර්කියේ පැවැත්වෙන රුසියානු – යුක්‍රේන සාම සාකච්ඡා සඳහා රුසියානු ජනාධිපති සහභාගී නොවන බව ක්‍රෙම්ලිනය පවසයි.

එම සාම සාකච්ඡා සඳහා සහභාගී වන්නැයි යුක්රේන ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ නමුත් ක්‍රෙම්ලිනය නිවේදනය කළේ, සාම සාකච්ඡා සඳහා සහභාගී වීමට ලැයිස්තුගත කර ඇති නම් අතර රුසියානු ජනාධිපති පුටින් නැති බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එම රැස්වීමට එක්වීමට නියමිතව තිබුණි.

මේ වනවිට කටාර්හි රැඳී සිටින ඔහු පැවසුවේ රුසියානු ජනාධිපතිවරයා ඊට සහභාගී නොවන්නේ නම් තමා ද  එයට සහභාගී නොවන බවයි.

2019 දෙසැම්බර් මාසයේ සිට රුසියානු සහ යුක්‍රේන ජනාධිපතිවරුන් පෞද්ගලිකව හමු වී නොමැත.

දෙරට අතර අවසන් වරට සෘජු සාකච්ඡා පැවැත්වූයේ 2022 මාර්තු මාසයේදී ඉස්තාන්බුල්හිදී යි.

Continue Reading

විදෙස්

අධිවේගී මාර්ග අනතුරකින් 21ක් මරුට

Published

on

By

මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

බස් රථයක්, ට්‍රක් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අනතුරෙන් පුද්ගලයින් 18 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

පසුගිය පෙබරවාරී මාසයේදී ද මෙක්සිකෝවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved