Connect with us

විදෙස්

හමාස් අද නිදහස් කරන ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නම් කෙරේ

Published

on

ගාසා සටන් විරාම ගිවිසුම යටතේ අද (25) නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකුගේ නම් හමාස් සංවිධානය විසින් මේ වනවිට ප්‍රසිද්ධ කර ඇත.

කරීනා අරීව්, ඩැනියෙලා ගිල්බෝවා, නාමා ලෙවි සහ ලිරි ඇල්බග් යන අය මෙලෙස නිදහස් කිරීමට නියමිත අතර, ඔවුන් සියලු දෙනාම ඊශ්‍රායල සෙබළියන් බව වාර්තා වේ.

ඒ අනුව මෙම ප්‍රාණ ඇපකරු හුවමාරුව වෙනුවෙන් ඊශ්‍රායලය විසින්ද ඔවුන් රඳවා සිටින පලස්තීන සිරකරුවන් 180 දෙනෙකු නිදහස් කරනු ඇත.

පසුගිය ඉරිදා සටන් විරාමය ක්‍රියාත්මක වීමෙන් පසු ප්‍රාණ ඇපකරුවන් හුවමාරු කරගන්නා දෙවන අවස්ථාව මෙයයි.

පළමු හුවමාරුවේදී ප්‍රාණ ඇපකරුවන් තිදෙනෙකු සහ සිරකරුවන් 90 දෙනෙකු නිදහස් කළහ.

2023 ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය ඊශ්‍රායලයට පහරදීමෙන් ඊශ්‍රායල ජාතිකයන් 1,200ක් පමණ මිය ගිය අතර, තවත් 251 දෙනෙකු ඔවුන් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට රැගෙන ගියේය.

කෙසේ නමුත් හමාස් ප්‍රහාරයත් සමග ගාසා තීරයේ ආරම්භ වූ හමාස් – ඊශ්‍රායල යුද්ධයෙන් පලස්තීන ජාතිකයින් 47,200කට වැඩි පිරිසකට දිවි අහිමි වූහ.

මේ අතර අද නිදහස් කිරීමට නියමිත ලැයිස්තුවට ඊශ්‍රායල කාන්තාවක වන ආර්බෙල් යෙහුඩ් ඇතුළත් වනු ඇති බවට තොරතුරු වාර්තා වුවත්, ඇය පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් නම් වෙනත් කණ්ඩායමක් ඇයව රඳවාගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ නමුත් ඉදිරි සති පහ තුළ නිදහස් කිරීමට නියමිත ඉතිරි ප්‍රාණ ඇපකරුවන් 26 දෙනා පිළිබඳ තොරතුරු හමාස් සංවිධානය විසින් සපයනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට යළි අවසර

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තීරුබදු නියෝග යළි තාවකාලිකව බලාත්මක කිරීමට එරට ෆෙඩරල් අභියාචනාධිකරණයෙන් ඊයේ (29) අවසර හිමි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ඒ අනුව මෙම හදිසි බලතල නීතිය යටතේ තීරුබදු එකතුකිරීම තවදුරටත් සිදුකරගෙන යාමට ට්‍රම්ප් පරිපාලනයට අවසර හිමිවිය.

මෙම බදු ප්‍රතිත්තිය අත්හිටුවීමේ නියෝගයක් අමෙරිකානු වාණිජ අධිකරණයක් විසින් ඊයේ (29) නිකුත්කර තිබුණි.

මෙම නියෝගය ලබාදෙමින් වාණිජ අධිකරණය සඳහන් කළේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමග වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවයි.

ඒ හේතුවෙන් එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවය.

ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බවද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් වැඩිදුරටත් තීන්දුකර තිබුණි.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය විසින් එම නියෝගය ඉදිරිපත්කර විනාඩි කිහිපයක් ඇතුළත එරට ෆෙඩරල් අභියාචනාධිකරණයට මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගේ බදු පැනවීම අධිකරණයෙන් අත්හිටුවයි

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ.

ඊයේ (28) දිනයේ ලබාදුන් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බව සඳහන් වේ.

මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවත්, එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවත්ය.

ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බව ද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් වැඩිදුරටත් තීන්දු කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved