Connect with us

විදෙස්

හයිටි අගමැති ව ඉවත් කෙරේ

Published

on

හයිටි අග්‍රාමාත්‍ය ගැරී කොනීල් ව එම ධුරයෙන් ඉවත් කිරීමට එරට පාලක කවුන්සිලය සියවර ගෙන තිබේ.

ඔහු ව එම ධුරයට පත්කෙරුණේ 2024 ජුනි 03 වනදා ය.

එම කවුන්සිලයේ සාමාජිකයින් 9 දෙනාගෙන් 8 දෙනෙකුගේ අත්සන් සහිතව ඒ සඳහා නියෝගයක් නිකුත්කර තිබුණි.

කොනීල් වෙනුවට ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන හයිටි සෙනෙට් අපේක්ෂකයෙක් වන ඇලික්ස් ඩිඩියර් ව පත්කර ඇත.

එක්සත් ජාතීන් ගේ සංවිධානයේ හිටපු නිලධාරියෙක් වන කොනීල් ව හයිටියේ අගමැති ලෙස පත්කළේ එරට ආරක්ෂක තත්ත්වය යථා තත්ත්වයකට පත්කිරීමේ අරමුණින් නි.

එරට වීථි ගැටුම් සහ විවිධ සන්නද්ධ කල්ලි අතර ඇතිවූ ගැටුම් ව්‍යාප්ත වීම හේතුවෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවූ ගැටලු විසඳීමේ අරමුණකින් බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.

ඒ ඔස්සේ 2016ට පසු එරට ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා සුදුසු පරිසරය නිර්මාණය කිරීම ඔහුට පැවරුනු ප්‍රධානතම වගකීමකි.

නමුත් ඔහු එහිදී අසාර්ථක විය.

මේ අතර කොනීල් පවසන්නේ තමාව එම ධුරයෙන් අස්කිරීම නීතිවිරෝධී බවයි.

ඔහු පවසන්නේ එමගින් හයිටි යේ අනාගතය තවත් ගැටලුකාරී වනු ඇති බවයි.

විදෙස්

ඉන්දියා – පාකිස්ථාන සටන් විරාමය මැයි 18 දක්වා

Published

on

By

ඉන්දියාව සහ පකිස්ථානය අතර සටන් විරාමය මැයි 18 වන දින දක්වා දීර්ඝ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් සඳහන් කරන්නේ දෙරටේ හමුදා භටයන් සටන් විරාමය දීර්ඝ කිරීමට තීරණය කළ බවත්, දේශපාලන සංවාදයක් සමග ඉදිරියට යාමට සැලසුම් කර ඇති බවය.

මේ අතර ‘සින්දූර්’ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස, ඉන්දියාවේ ආරක්ෂක අයවැයට රුපියල් කෝටි 50,000 ක වැඩිවීමක් විය හැකි බව රජයේ වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ යළි ඉන්දියාව හා පාකිස්ථානය අතර යුදමය තත්ත්වයක් ඇතිවූ අතර, පසුව දින කිහිපයක් පැවති අවි ගැටුම් නතර කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළකර තිබුණි.

Continue Reading

විදෙස්

සාම සාකච්ඡාවලට නො එන බව  පුටින්   පවසයි

Published

on

By

තුර්කියේ පැවැත්වෙන රුසියානු – යුක්‍රේන සාම සාකච්ඡා සඳහා රුසියානු ජනාධිපති සහභාගී නොවන බව ක්‍රෙම්ලිනය පවසයි.

එම සාම සාකච්ඡා සඳහා සහභාගී වන්නැයි යුක්රේන ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ නමුත් ක්‍රෙම්ලිනය නිවේදනය කළේ, සාම සාකච්ඡා සඳහා සහභාගී වීමට ලැයිස්තුගත කර ඇති නම් අතර රුසියානු ජනාධිපති පුටින් නැති බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එම රැස්වීමට එක්වීමට නියමිතව තිබුණි.

මේ වනවිට කටාර්හි රැඳී සිටින ඔහු පැවසුවේ රුසියානු ජනාධිපතිවරයා ඊට සහභාගී නොවන්නේ නම් තමා ද  එයට සහභාගී නොවන බවයි.

2019 දෙසැම්බර් මාසයේ සිට රුසියානු සහ යුක්‍රේන ජනාධිපතිවරුන් පෞද්ගලිකව හමු වී නොමැත.

දෙරට අතර අවසන් වරට සෘජු සාකච්ඡා පැවැත්වූයේ 2022 මාර්තු මාසයේදී ඉස්තාන්බුල්හිදී යි.

Continue Reading

විදෙස්

අධිවේගී මාර්ග අනතුරකින් 21ක් මරුට

Published

on

By

මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

බස් රථයක්, ට්‍රක් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අනතුරෙන් පුද්ගලයින් 18 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

පසුගිය පෙබරවාරී මාසයේදී ද මෙක්සිකෝවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved