Connect with us

විදෙස්

හෙන්රි කිසින්ජර් මියයයි

Published

on

ඇමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම්වරයෙකු හා එරට ඉතිහාසයේ ප්‍රබලතම රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස සැලකෙන හෙන්රි කිසින්ජර් මියගොස් ඇති බව වාර්තා වේ.

මිය යන විට ඔහුට වයස අවුරුදු 100ක් විය.

කිසිංගර් විසින් ආරම්භ කරන ලද දේශපාලන උපදේශන සමාගමක් වන Kissinger Associates සමාගම විසින් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවසා ඇත්තේ ඔහු කනෙක්ටිකට් හි පිහිටි සිය නිවසේ දී අවසන් හුස්ම හෙලූ බවයි.

කෙසේ වෙතත් මරණයට හේතුව එහි සඳහන් කර නැත.

ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරුන් වන නික්සන් හා ෆෝඩ් හට ජාතික ආරක්ෂාව පිළිබඳ උපදේශකයෙකු ලෙසද කටයුතු කළ ඔහු, චීනය හා රුසියාව සමග ඇමෙරිකාවේ සබඳතා වර්ධනය කිරීමෙහි ලා ප්‍රධාන භූමිකාවක් ඉටු කළේය.

නොබෙල් සාම ත්‍යාගලාභියෙකු වුවත්, යුද අපරාධකරුවෙකු යැයි ඔහුට විවිධ චෝදනා එල්ල වී තිබුණි.

පුවත්

රතන් ටාටා දිවි ගමන නිමා කරයි!

Published

on

By

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. 

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.

ටාටා සන්ස් සමූහ ව්‍යාපාරයේ වත්මන් සභාපති එන් චන්ද්‍රසේකරන්, පවසා ඇත්තේ, තමන්ට හොඳ මිතුරෙකු සහ  මාර්ගෝපදේශකයකු අහිමි වූ බවය.

අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන්, රතන් ටාටා, පසුගිය දා මුම්බායි නුවර බ්‍රීච් කැන්ඩි රෝහලට ඇතුළත් කළ බවත් එහිදී ඔහු අභාවප්‍රාප්ත වූ බවත් පැවැසෙයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, සොව පළ කරමින්, සිය එක්ස් ගිණුම ඔස්සේ සටහනක් පළ කරමින් පවසා ඇත්තේ, රතන් ටාටා දූරදර්ශී නායකයකු සහ දයානුකම්පිත, අසාමාන්‍ය මනුෂ්‍යයකු බවය.

Continue Reading

විදෙස්

උතුරු – දකුණු කොරියා යා කරන සියළු මාර්ග වැසෙයි

Published

on

By

දකුණු කොරියාව සමග දේශසීමා මායිම් වසා දමන බවට උතුරු කොරියාව ප්‍රකාශයට පත් කරයි.

ඔක්තෝබර් 09 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් උතුරු කොරියාවේ හමුදා පාර්ශ්වය මේ බව ප්‍රකාශ කර සිටියි.

ඒ අනුව, ඔක්තෝබර් 09 වැනිදා සිට දකුණු කොරියාව හා සම්බන්ධ වන දුම්රිය මාර්ග හා මහා මාර්ග සම්පූර්ණයෙන් ම වසා දමන බවත්, ජාතිකාරක්ෂාව සුරැකීම සඳහා වඩාත් ප්‍රබල ක්‍රියාවන් ගැනීමට උතුරු කොරියාවට සිදුවන බවද එහි දැක්වේ.

Continue Reading

විදෙස්

රසායන විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට

Published

on

By

ස්වීඩන රාජකීය ඇකඩමිය පිරිනමන රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයේ ජයග්‍රාහකයින් අද (09) නම් කෙරුණි.

ඒ අනුව එය හිමිවී ඇත්තේ අමෙරිකානු ජාතික ඩේවිඩ් බේකර්, බ්‍රිතාන්‍ය ජාතික ඩෙමිස් හසාබිස් සහ අමෙරිකානු ජාතික ජෝන් ජේ. ජම්පර් යන විද්‍යාඥයින් වෙතයි.

ප්‍රෝටීනයක පරිගනකගත ආකෘතිය සැකසීම වෙනුවෙන් මෙවර නොබෙල් ත්‍යාගයේ අර්ධයක් ඩේවිඩ් බේකර් වෙත ප්‍රදානය කර ඇති අතර, ත්‍යාගයේ ඉතිරි අර්ධය ප්‍රෝටීනයේ ව්‍යුහය අනුමාන කිරීම සම්බන්ධයෙන් ඩෙමිස් හසාබිස් සහ ජෝන් එම්. ජම්පර් යන විද්‍යාඥයින් වෙත පිරිනමා තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved