විදෙස්

අධික ශීතල නිසා ඇෆ්ගනිස්තානයේ 124ක් මරුට

Published

on

ඇෆ්ගනිස්තානයේ පවතින අධික ශීතල කාලගුණය හේතුවෙන් පසුගිය දෙසතිය අතර තුළදී පුද්ගලයන් 124කට වැඩි පිරිසක් මියගොස් ඇතැයි, තලෙයිබාන් නිලධාරීන් පවසයි.

මෙය දශකයක කාලයක් පුරාවට පැවති දරුණුතම ශීත කාලය ලෙස සැලකෙන බවත්, මේ හේතුවෙන් ගවයන් ඇතුළු සතුන් 70,000ක් මියගොස් ඇති බවත් එරට ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පවසා ඇත.

තලේබාන් රජය විසින් ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධානවල සේවය කිරීම තහනම් කිරීමෙන් පසු බොහෝ ආධාර ආයතන විසින් පසුගිය සතිවල මෙහෙයුම් අත්හිටුවා තිබේ. මෙතරම් මරණ සිදුවී තිබුණද, සිය තීරණය වෙනස් නොවන බව තලෙයිබාන් රජය වැඩිදුරටත් පවසා ඇත.

Trending

Exit mobile version