අමෙරිකානු ජනපතිවරණ ජය ට්‍රම්ප්ටහිටපු අමෙරිකානු ජනපති ඩොනලඩ් ට්‍රම්ප් නැවතත් තම ධවල මන්දිර සිහිනය සැබෑ කර ගැනීමට සමත්ව තිබේ.
ඒ අමෙරිකානු ඡන්ද විද්‍යාල 279 ක බලය තමන් යටතට පත් කර ගනිමිනි.
අමෙරිකානු ජනපතිවරණට මෙවර විශාල අවධානයක් හිමිවුණේ, ලොව යුද ගැටුම් නිවීමට ජනපති ට්‍රම්ප් ප්‍රතිඥා දුන් පසුබිමකය.
ධවල මන්දිර බලය තහවුරු කර ගැනිමට උප ජනපතිනී කමලා හැරිස් තියුණු සටනක් දෙනු ඇතැයි මුළදී පුරෝකථනය කෙරුණත්, ඇයට ජයග්‍රහනය කළ හැකිව ඇති ආසන සංඛ්‍යාව 223 කි.
තවදුරටත් ඡන්ද ගණනය කිරීමේ කටයුතු සිදුවූවත්, ජනපතිවරණ ජය තහවුරු කර ගැනීමට අමෙරිකානු ඡන්ද විද්‍යාල 270 ක බලය තහවුරු කර ගැනීම ප්‍රමාණවත් වේ.