විදෙස්

අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩිතැබීමකින්  දෙනෙකු  මරුට

Published

on

අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්ත විශ්වවිද්‍යලයේ එරට වේලාවෙන් ඊයේ (17) දහවල් සිදු වූ වෙඩිතැබිමකින් පුද්ගලයින් 02ක් මියගොස් තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, වෙඩික්කරුද පොලිස් වෙඩිපහරකින් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවය.

වෙඩිතැබීමට යොදාගත් ගිනිඅවියද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, සැකකරුද එම විශ්වවිද්‍යාලයේ සිසුවෙකු බවට සැකකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ සිද්ධියෙන් පසු එම විශ්වවිද්‍යාලය තාවකාලිකව වසාදැමීමට බලධාරින් පියවරගෙන තිබේ.

වෙඩිතැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලීසිය සඳහන් කරන්නේ, එම විශ්වවිද්‍යාලයේම සේවය කරන පොලිස් නිලධාරිනියකගේ පුත්‍රයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

ඔහු ඒ සඳහා සිය මවගේ පැරණි තුවක්කුවක් යොදාගෙන ඇති බව සඳහන්ය.

කෙසේ නමුත් සැකකරුගේ වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Trending

Exit mobile version