Connect with us

විදෙස්

ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළට: රෝගීන් 1000කට වැඩියි

Published

on

ලොව පුරා නැවත පැතිරෙමින් පවතින නව කොවිඩ් වෛරසය හමුවේ ඉන්දියාවේ රෝගීන් 1,009ක් මේ වන විට වාර්තා වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හි අවම වශයෙන් රෝගීන් 104ක් සිටින බවත් ඉන් 99 දෙනෙකු පසුගිය සතිය තුළ වාර්තා වී ඇති බවය.

කේරළය, මහාරාෂ්ට සහ දිල්ලි ඇතුළු ප්‍රාන්තවල කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් ඒ අනුව කේරළයේ රෝගීන් 430ක් මහාරාශ්ට ප්‍රාන්තයේ රෝගීන් 209ක්, ගුජරාටයේ රෝගීන් 83, කර්ණාටක 47ක්, උත්තර් ප්‍රදේශ්හි රෝගීන් 15ක් සහ බටහිර බෙංගාලයේ රෝගීන් 12ක් මේ අනුව වාර්තා වී ඇතැයිද ඉන්දීය මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

කොවිඩ් හේතුවෙන් මරණ 4ක් මහාරාෂ්ටයෙන්ද මරණ දෙකක් කේරළයෙන් සහ එක් මරණයක් කර්ණාටකයෙන්ද වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා අතර සඳහන්ය.

විදෙස්

යුක්‍රේනයේ ස්ථාන 22කට රුසියාවෙන් ප්‍රහාර

Published

on

By

රුසියාව විසින් යුක්‍රේනයේ ස්ථාන 22ක් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්ය.

ප්‍රහාරය සඳහා රුසියාව විසින් ඩ්‍රෝන යානා 298ක්, කෘෘස් මිසයිල සහ බැලස්ටික් මිසයිල 69ක් යොදාගෙන තිබේ.

මෙය 2022 වසරෙන් පසුව එක් රාත්‍රියක දී රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ දරුණුතම ප්‍රහාරය බව විදෙස් මාධ්‍ය වාර්තා විසින් වාර්තා කර තිබේ.

කෙසේවෙතත් රුසියාවේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාව නිහඬ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවට යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි චෝදනා කරයි.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගෙන් යුරෝපා සංගමයට 50%ක තීරු බද්දක්

Published

on

By

යුරෝපා සංගමයෙන් එක්සත් ජනපදයට ආනයනය කරන භාණ්ඩ සඳහා එළැඹෙන මස සිට සියයට 50ක තීරු බදු පැනවීමට තමන් නිර්දේශ කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ඒ අනුව එළැඹෙන 01 වැනිදා සිට සුඛෝපභෝගී භාණ්ඩ, ඖෂධ සහ අනෙකුත් භාණ්ඩ සඳහා දැඩි බදු පැනවෙනු ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.

සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ යුරෝපා සංගමය පිහිටුවා ඇත්තේ වෙළෙඳාම සම්බන්ධයෙන් එක්සත් ජනපදයෙන් වාසි ලබා ගැනීස සඳහා වන බවය.

එමෙන්ම අමෙරිකාවේ නිෂ්පාදනය නොකරන අයිෆෝන් සඳහා 25%ක ආනයන බද්දක් පැනවීමටද අමෙරිකානු ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

එමගින් ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයේ විකුණනු ලබන අයිෆෝන් ඉන්දියාවේ හෝ වෙනත් ඕනෑම තැනක නිෂ්පාදනය කිරීම නොව එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවැනි වරට බලයට පත්වූ පසු ලොව පුරා රටවල් රැසකට විවිධ තීරුබදු පැනවීමට කටයුතු කළ අතර එමගින් ඔහු දක්වා ඇත්තේ එය එක්සත් ජනපද නිෂ්පාදන ඉහළ නැංවීමේ සහ විදේශීය තරඟකාරිත්වයෙන් එක්සත් ජනපදයේ රැකියා ආරක්ෂා කිරීමේ ක්‍රමයක් ලෙස තමන් දකින බවය.

Continue Reading

විදෙස්

විදෙස් සිසුන්ට හාවර්ඩ් විශ්වවිද්‍යාල දොරටු වැසේ

Published

on

By

ලොව ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක් ලෙස සැලකෙන අමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට විදෙස් සිසුන් බඳවාගැනීම ට්‍රම්ප් පරිපාලනය විසින් අත්හිටුවා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එම විශ්වවිද්‍යාලයේ දැනට අධ්‍යාපනය හදාරන දහස් ගණන් සිසුන්ටද වෙනත් විශ්වවිද්‍යාලයකට මාරු විය යුතු බවත්, එසේ නොහැකි නම් සිය රටෙන් යායුතු බවට දැනුම් දී ඇති බවද එම වාර්තාවන්හි වැඩිදුරටත් දැක්වේ.

මෙම හදිසි තීරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරමින් අමෙරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ, හාවර්ඩ් විශ්වවිද්‍යාලය තුළ ඇමරිකානු විරෝධී ක්‍රියාවන්ට විදෙස් සිසුන් පෙළඹී සිටින බවය.

එමෙන්ම ත්‍රස්ත හිතවාදී උද්ඝෝෂකයින් සිටින බවත්, ඔවුන් යුදෙව් සිසුන්ට පහරදීමට කටයුතු කිරීමෙන් විශ්වවිද්‍යාලය තුළ අනාරක්ෂිත පරිසරයක් නිර්මාණය වී ඇති බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ වනවිට හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ 20,000කට වැඩි සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබන අතර, ඉන් රටවල් 100කට අධික සංඛ්‍යාවක් නියෝජනය වන පරිදි විදෙස් සිසුන් 6,800කට ආසන්න සංඛ්‍යාවක් සිටිති.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved