Connect with us

විදෙස්

ඉන්දීය ප්‍රහාරවලට පාකිස්ථානයෙන් ප්‍රතිප්‍රහාර (UPDATE)

Published

on

ඉන්දීය හමුදාව ‘සින්දූර් මෙහෙයුම’ යටතේ පාකිස්ථාන භූමියට ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු පාකිස්ථාන හමුදාව ඉන්දු – පාකිස්ථාන දේශ සීමාව හරහා කාලතුවක්කු වෙඩි ප්‍රහාර එල්ලකර තිබේ.

පාකිස්ථාන හමුදා විසින් එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරවලින් ඉන්දීය පාලිත කාශ්මීරයේ කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව ඉන්දීය පොලිසිය පවසයි.

මේ අතර, පාකිස්තානයට එල්ල වූ ඉන්දීය මිසයිල ප්‍රහාරයෙන් පුද්ගලයින් 07 දෙනෙකු මිය ගොස් ඇති බව පාකිස්ථාන හමුදාව පවසයි.


(පෙර පුවත 2025 මැයි 07 පෙ.ව.7.17 )

ඉන්දියාව පාකිස්ථානයට පහර දෙයි

‘සින්දූර් මෙහෙයුම’ අරඹමින් ඉන්දීය හමුදාව පාකිස්ථානයට මිසයිල ප්‍රහාර එල්ල කළ ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි.

පාකිස්ථානයේ සහ එරට පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ ස්ථාන 09කට ප්‍රහාරයක් එල්ල කළ බව ඉන්දීය රජය සඳහන් ක‍ර තිබේ.

ස්ථාන 03කට ප්‍රහාර එල්ල වී ඇති බව පාකිස්තාන හමුදාව පවසයි.

පසුගිය අප්‍රේල් 22 වැනිදා සිවිල් වැසියන් 26 දෙනෙකු ඝාතනය කරන ලද පහල්ගම් ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉන්දීය සන්නද්ධ හමුදා මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් වේ.

සුදුසු වේලාවක සහ සුදුසු ස්ථානයකදී මෙම ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර එල්ල කරන බව පකිස්ථානයේ හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කර තිබේ.

විදෙස්

හිටපු ජනාධිපතිවරයෙක්ට වසර 22ක සිර දඩුවමක්

Published

on

By

ටියුනිසියාවේ හිටපු ජනාධිපති මොන්සේෆ් මර්සුකිට එරට අධිකරණය මගින් වසර 22 ක සිර දඩුවමක් නියම කර තිබේ. 

ඒ ඔහු ජනාධිපති ධුරය දරන සමයේ, ටියුනීසියාවේ රාජ්‍ය ආරක්ෂාව අඩපන කිරීමේ චෝදනාව මතය. 

මොහු 2011 වසරේ සිට 2014 දක්වා කාලය තුල ටියුනීසියාවේ ජනාධිපති ධුරය හොබවා තිබේ. 

කෙසේවෙතත් නඩු තීන්දු සම්බන්ධයෙන් අදහස් දක්වෙමින් දේශපාලන රැකවල් මත ප්‍රංශයේ පැරිස් නුවර රැදී සිටින හිටපු ජනාධිපතිවරයා විසින්, “අධිකරණයට තමන්ට කිසිවක් කළ නොහැකි බව” ප්‍රකාශ කර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Continue Reading

විදෙස්

ඉරානයට ප්‍රබල භූමිකම්පාවක්

Published

on

By

උතුරු ඉරානයේ රික්ටර් මාපක 5.1 භූමිකම්පාවක් සිදුව ඇති බව අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසයි.

එරට වේලාවෙන් ඊයේ (20) රාත්‍රියේ මෙය සිදුව ඇත. 

ඉරාන මාධ්‍ය වාර්තාවන්ට අනුව සෙම්නාන් පළාතට කිලෝමීටර් 37ක් (සැතපුම් 23) නිරිත දෙසින්, කිලෝමීටර් 10ක් (සැතපුම් 6) ගැඹුරේ මෙය සිදුව තිබේ.

මින් සිදුව ඇති හානිය පිළිබඳ විදෙස් වාර්තා සඳහන් කර නොමැති වුවත්, සෙම්නාන් පළාතේ සෝර්කේ නගරය අවට සෙලවී ඇති බව සඳහන්.

එමෙන්ම සෝර්කේ සිට කිලෝමීටර් 150ක් පමණ දුරින් පිහිටි ටෙහෙරාන් අගනුවරට ද මෙම කම්පනය දැනුණු බවද එම වාර්තාවන්හි දැක්වේ.

Continue Reading

විදෙස්

ඉරානය හා සාකච්ඡාවකට බ්‍රිතාන්‍යය – ප්‍රංශය – ජර්මනිය සැරසේ

Published

on

By

ඊශ්‍රායල-ඉරාන ගැටුම අවසන් කිරීමේ ප්‍රයත්න වල කොටසක් ලෙස බ්‍රිතාන්‍යයේ, ප්‍රංශයේ සහ ජර්මනියේ විදේශ අමාත්‍යවරුන් අද (20) ජිනීවාහිදී ඉරාන විදේශ අමාත්‍යවරයා සමඟ හමුවීමට සූදානම් වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම සාකච්ඡාව, ඉරාන – ඊශ්‍රායල ගැටුම් පසුගියදා ඇරඹීමෙන් අනතුරුව, බටහිර නායකයින් හා ඉරානය අතර පැවැත්වෙන පළමු සාකච්ඡාව ලෙස සැලකේ.

මේ අතර, ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණේ, ඇමෙරිකාව මෙම ගැටුම් වලට ඍජුව සම්බන්ධ වන්නේද යන්න පිළිබඳව ඉදිරි දෙසතිය තුළදී එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීන්දු කරනු ඇති බවයි.

ඊයේ දිනයේදීද ඊශ්‍රායලය හා ඉරානය අතර ගැටුම් තවදුරත් සිදුවිය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved