Connect with us

විදෙස්

ඉන්දියා – පාකිස්ථාන සටන් විරාමය මැයි 18 දක්වා

Published

on

ඉන්දියාව සහ පකිස්ථානය අතර සටන් විරාමය මැයි 18 වන දින දක්වා දීර්ඝ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් සඳහන් කරන්නේ දෙරටේ හමුදා භටයන් සටන් විරාමය දීර්ඝ කිරීමට තීරණය කළ බවත්, දේශපාලන සංවාදයක් සමග ඉදිරියට යාමට සැලසුම් කර ඇති බවය.

මේ අතර ‘සින්දූර්’ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස, ඉන්දියාවේ ආරක්ෂක අයවැයට රුපියල් කෝටි 50,000 ක වැඩිවීමක් විය හැකි බව රජයේ වාර්තා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ යළි ඉන්දියාව හා පාකිස්ථානය අතර යුදමය තත්ත්වයක් ඇතිවූ අතර, පසුව දින කිහිපයක් පැවති අවි ගැටුම් නතර කිරීමට දෙපාර්ශ්වයම එකඟතාව පළකර තිබුණි.

විදෙස්

සාම සාකච්ඡාවලට නො එන බව  පුටින්   පවසයි

Published

on

By

තුර්කියේ පැවැත්වෙන රුසියානු – යුක්‍රේන සාම සාකච්ඡා සඳහා රුසියානු ජනාධිපති සහභාගී නොවන බව ක්‍රෙම්ලිනය පවසයි.

එම සාම සාකච්ඡා සඳහා සහභාගී වන්නැයි යුක්රේන ජනාධිපතිවරයා ඔහුගෙන් ඉල්ලා සිටියේය.

කෙසේ නමුත් ක්‍රෙම්ලිනය නිවේදනය කළේ, සාම සාකච්ඡා සඳහා සහභාගී වීමට ලැයිස්තුගත කර ඇති නම් අතර රුසියානු ජනාධිපති පුටින් නැති බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එම රැස්වීමට එක්වීමට නියමිතව තිබුණි.

මේ වනවිට කටාර්හි රැඳී සිටින ඔහු පැවසුවේ රුසියානු ජනාධිපතිවරයා ඊට සහභාගී නොවන්නේ නම් තමා ද  එයට සහභාගී නොවන බවයි.

2019 දෙසැම්බර් මාසයේ සිට රුසියානු සහ යුක්‍රේන ජනාධිපතිවරුන් පෞද්ගලිකව හමු වී නොමැත.

දෙරට අතර අවසන් වරට සෘජු සාකච්ඡා පැවැත්වූයේ 2022 මාර්තු මාසයේදී ඉස්තාන්බුල්හිදී යි.

Continue Reading

විදෙස්

අධිවේගී මාර්ග අනතුරකින් 21ක් මරුට

Published

on

By

මධ්‍යම මෙක්සිකෝවේ අධිවේගී මාර්ගයක සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.

බස් රථයක්, ට්‍රක් රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටී අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

අනතුරෙන් පුද්ගලයින් 18 දෙනෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් තිදෙනෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.

පසුගිය පෙබරවාරී මාසයේදී ද මෙක්සිකෝවේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණි.

Continue Reading

පුවත්

කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍යධූරය ගැරී ආනන්දසංගරීට

Published

on

By

කැනඩාවේ නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස  ශ්‍රී ලාංකේය දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී (Gary Anandasangaree) මහතා පත් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, ගැරී ආනන්දසංගරී මහතා මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, හදිසි අවස්ථා කළමනාකරණය, පුරවැසිභාවය, සහ දේශසීමා ආරක්ෂාව ඇතුළු බොහෝ වැදගත් වගකීම්වලට නායකත්වය දෙනු ඇත.

2025 මැයි 13 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද සැලකිය යුතු කැබිනට් ප්‍රතිසංවිධානයක කොටසක් ලෙස මෙම පත්වීම සිදුව ඇති අතර, එය මැතිවරණයෙන් සති දෙකකට පසුව සිදු කරන ලදී.

මීට පෙර ගැරී ආනන්දසංගරී කැනඩාවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved