විදෙස්

ඉන්දීය ගුවන් යානා 10කට බෝම්බ තර්ජන

Published

on

ගතවූ පැය 48 ට ඇතුළත ඉන්දීය ගුවන් යානා 10 කට සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ සිට සිංගප්පූරුවේ චැගි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ බලා පියාසර කළ එක් එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් ගුවන් මගී ගුවන් යානයක් සිංගප්පූරු ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානාවල ආරක්ෂාව යටත්, ජනාකීර්ණ පළාත්වලින් ඉවතට ගෙන යමින්, ගුවන්තොටුපොළේ හුදෙකලා ගුවන් පථයකට ගොඩබෑ බවද වාර්තා වේ.

මීට අමතරව, ජායිපූර් සිට අයෝධ්‍යාව හරහා බැංගලෝර් දක්වා යන ගුවන් යානයකට, බැග්ඩැග්‍රා සිට බැංගලෝර් බලා යන ගුවන් යානයකට, දිල්ලි සිට චිකාගෝ බලා යන ගුවන් යානයකට, සෞදියේ සිට ලක්නව් බලා යන ගුවන් යානයකට, අම්රිත්සාර් සිට ඩේරාඩුන් යන යානයකට, මදුරෙයි සිට සිංගප්පූරුව දක්වා යන යානයකට මෙසේ සමාජ මාධ්‍ය හරහා බෝම්බ තර්ජන එල්ල වුණු බව සඳහන් වේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ, මෙම යානා සියල්ල ගුවන්තොටුපොළවලට ආරක්ෂිතව ගොඩබෑ බවත්, මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඒවායින් ඉවත් කර සෝදිසි කෙරුණත් පුපුරන ද්‍රව්‍ය හෝ බෝම්බ හෝ හමුනොවුණු බවය.

Trending

Exit mobile version