Connect with us

විදෙස්

ඉම්රාන් ඛාන්ට තවත් සිරදඬුවමක්

Published

on

පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳ වන බුෂ්රා බිබී හට වසර 14ක සිර දඬුවමක් ලබා දී ඇති බව වාර්තා වේ.

නඩු තීන්දුවෙන් පසුව ඛාන් මහත්මියද අධිකරණයට භාර වී ඇත.

ඛාන් මහතා අගමැතිව සිටියදී රාජ්‍ය මට්ටමෙන් ලද ත්‍යාග, පෞද්ගලික ලාභ තකා විකුණා ඇති බව ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.

මේ වනවිටත් බන්ධනාගාර ගත කර සිටින ඉම්රාන් ට එරෙහිව, රාජ්‍ය රහස් හෙළි කිරීමේ චෝදනාවට ඊයේ (30) දිනයේදී ද වසර 10ක සිර දඬුවමක් ලබා දී තිබුණි.

ඔහුගේ විරුද්ධවාදීන් විසින් 2022 වසරේදී ඉම්රාන් ව අගමැති ධුරයෙන් ඉවත් කළ අතර පසුගිය වසරේදී දූෂණ චෝදනා මත ඔහුට වසර 03ක සිර දඬුවමක් තීන්දු කළේය.

කෙසේවුවද, ඛාන් මහතා පවසන්නේ මේ සියලු චෝදනා දේශපාලන පළි ගැනීම් බවයි.

මෙම සියලු සිරදඬුවම් එක්වර ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාස කරන බව විදෙස් වාර්තා වල දැක්වේ.

සබැඳි පුවත්:

ඉම්රාන් ඛාන්ට දස වසරක සිරදඬුවමක් – Sri Lanka Mirror – Right to Know. Power to Change

විදෙස්

තායි අගමැතිනියගේ ධූරය අත්හිටුවයි!

Published

on

By

කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග කළ දුරකතන සංවාදයක් හේතුවෙන් ඉල්ලා අස්වන ලෙසට දැඩි බලපෑමකට ලක්වුණු තායිලන්ත අගමැතිනී පේටොංටාර්න් ෂිනවාත්‍රාගේ ධූරය අත්හිටුවා ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

පේටොංටාර්න් ෂිනවාත්‍රා, කාම්බෝජ හිටපු නායක හුන් ට ඉතා ලෙංගතුව, හිතවත්කමින්, ‘අංකල්’ යනුවෙන් ආමන්ත්‍රණය කරමින්, තායිලන්තය සහ කාම්බෝජය අතරේ හටගෙන ඇති දේශසීමා අර්බුදය විසඳීමට මැදිහත් වෙන්නැයි කරන ඉල්ලීම ඒම දුරකතන සංවාදයට ඇතුළත් වෙයි.

එම දුරකතන සන්වාදයේ දී, තායිලන්ත අගමැතිනිය, තායි හමුදා ප්‍රධානීන් විවේචනය කරන අතර, ඇගේ සන්ධාන රජයේ හවුල්කාර පක්ෂ හෑල්ලු කරමින් කතා කරයි. මෙම දුරකතන සන්වාද හඬ පටය ප්‍රසිද්ධියට පත් වෙද්දී, අගමැතිනී පේටොංටාර්න්ගේ සන්ධාන රජය ද දෙදරා ගියේය. ජනතා විරෝධයක් ද ඉස්මතු විය.

ඉන්පසු අග්‍රාමාත්‍යවරිය සේවයෙන් පහ කරන ලෙස ඉල්ලා පෙත්සමක් ඉදිරිපත් කෙරුණු අතර එය  මේ වනවිට අධිකරණය තුළ විභාග වෙමින් පවතී.

ඒ අනුව, පසුගිය දශක දෙකක කාලය තුළ තායි දේශපාලනයේ ආධිපත්‍යය දැරූ බලවත් ෂිනවාත්‍රා පරම්පරාවේ – ඔවුන්ගේ ධූර කාලය සම්පූර්ණ කිරීමට පෙර බලය අහිමි වන තුන් වන දේශපාලනඥයා පේටොංටාර්න් වීමට ඉඩ ඇත. පේටොංටාර්න්, යනු තාක්ෂින් ෂිනවාත්‍රාගේ දියණියයි.

අග්‍රාමාත්‍යවරිය සේවයෙන් පහ කිරීම සඳහා වන නඩුව සලකා බලන අතරතුරේ ඇගේ සේවය අත්හිටුවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ විනිසුරුවරුන් 7න් 2ක් ඡන්දය ප්‍රකාශ කළ අතර, ඇයට නිදහසට කරුණු ඉදිරිපත් කිරීමට දින 15 ක් හිමිවී ඇතැයි ද පැවැසෙයි.

Continue Reading

විදෙස්

ඉන්දියාවේ කම්හලක ඇති වූ ගින්නෙන් 34කට දිවි අහිමිවේ

Published

on

By

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ ඖෂධ කම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් තිබේ.

මළ සිරුරු 31 ක් පමණ සුන්බුන් වලින් ගොඩගෙන ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී තිදෙනෙකු රෝහලේදී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීමත් සමග මෙම ගින්න හටගන්නා අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ පුද්ගලයින් 60 දෙනෙකු සිට ඇති බව සඳහන්ය.

ගින්නෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව ඉන්දීය බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි

Continue Reading

විදෙස්

පාකිස්ථානයේ වැස්සෙන් ජීවිත 45ක් අහිමි වේ

Published

on

By

පාකිස්තානයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් ඇතැයි එරට ආපදා කළමනාකරණ නිලධාරීන් පවසයි.

මියගිය අය අතර දරුවන් 10 දෙනෙකු වන බව වාර්තා වේ. මේ අතර, තවත් පුද්ගලයින් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

වර්ෂාවත් සමඟ ඇතිවු ගංවතුර තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනා ගමනයට ද බාධා එල්ල වී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් පාකිස්තානයට බලපා ඇති වර්ෂාපතන තත්වය ඉදිරි දින කිහිපයදීත් බලාපොරොත්තු විය හැකි බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved