ඊශ්‍රායලයේ නවතම සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.
ඊශ්‍රායලය පවසා ඇත්තේ යුද්ධය අවසන් කර පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සඳහා ඉතිරි සියලු ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම සඳහා වන ගිවිසුමකට වහාම සාකච්ඡා කිරීමට සූදානම් බවය.
ප්‍රාණ ඇපකරුවන් 59 දෙනෙකු හමාස් සංවිධානය භාරයේ සිටිය යුතු නමුත් ඔවුන් අතරින් ජිවත්ව සිටිනුයේ 24 දෙනෙකු පමණක් බවටයි විශ්වාස කරයි.
ඊශ්‍රායලයේ නවතම යෝජනාවට ප්‍රාණඇපකරුවන් දසදෙනෙකු නිදහස් කිරීම සඳහා දින 45ක සටන් විරාමයක් ඇතුලත් විය.
මෙම යෝජනා ප්‍රතික්ෂේප කරමින් හමාස් සංවිධානය පවසා ඇත්තේ ඊශ්‍රායල අගමැතිවරයාගේ න්‍යාය පත්‍රයට ගැති අර්ධ ගනුදෙනු පිළිගන්නේ නැති බවය.