Connect with us

විදෙස්

ඊශ්‍රායල ප්‍රහාරයකින් හමාස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජීවිතක්ෂයට

Published

on

ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් හමාස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් ලතීෆ් අල් කණු ජීවිතක්ෂයට පත්ව තිබේ.

හමාස් සංවිධානය විසින් මෙහෙය වන අල් අක්සා රූපවාහීනී මාධ්‍ය ඔස්සේ අබ්දුල් ලතීෆ් ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

උතුරු ගාසා තීරයේ ඔහු රැඳී සිටි කූඩාරම ඉලක්ක කරගනිමින් ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාර එල්ල කර තිබුණි.

එහිදී තවත් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්ය.

විදෙස්

අමෙරිකාව සහ චීනය අතර ගිවිසුමක් (UPDATE)

Published

on

By

අමෙරිකාව සහ චීනය අන්‍යෝන්‍ය තීරුබදු කප්පාදු කිරීමේ ගිවිසුමකට එකඟ වූ බව ප්‍රකාශ කර තිබේ.

දින 90 ක කාලයක් සඳහා වෙළඳ තීරුබදු අඩු කිරීම සඳහා අමෙරිකාව සහ චීනය ගිවිසුමකට එළඹුන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් නිවේදනය කර ඇත.

දෙපාර්ශ්වයම ඔවුන්ගේ තීරුබදු 115% කින් අඩු කිරීමට තීරණය කර ඇති බවද ඔහු වැඩිදුරටත් පවසා ඇති බව විදෙස් මාධය සඳහන් කළේය.


(පෙර පුවත 2025 මැයි 12 ප.ව.12.36 )

ලෝකයටම සුභ ආරංචියක් !

අමෙරිකාව හා චීනය අතර පසුගිය 10 වනදා ආරම්භ වී තිබුණ ඉහළ මට්ටමේ වෙළෙඳ සාකච්ඡා ධනාත්මක ලෙස අවසන් වී තිබේ.  

ස්විට්සර්ලන්තයේ දී මෙම සාකච්ඡා ආරම්භ කර බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය.  

අමෙරිකාව නියෝජනය කරමින් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සහ ප්‍රධාන වෙළෙඳ සාකච්ඡා නියෝජිත ජාමිසන් ග්‍රියර් සහභාගි වී ඇත.  

එසේම චීනය නියෝජනය කරමින් එරට ප්‍රධානම ආර්ථික උපදේශකයා ලෙස සැලකෙන හී-ලයිෆෙන්ද සහභාගී වී තිබේ.

ස්විට්සර්ලන්තයේ පැවති දින දෙකක සාකච්ඡා අවසන් කිරීමෙන් පසු දෙපාර්ශ්වයම තොරතුරු නිකුත් කර නොතිබුණ බව විදෙස් මාධ්‍ය පවසා සිටියේය.

කෙසේ වෙතත් චීන උප අගමැති හේ ලයිෆෙන්ග් පවසා සිටියේ සඳුදා (12) ජිනීවාහිදී ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරන බවය.   එමෙන්ම චීන උප වාණිජ අමාත්‍ය ලී චෙංගැං පවසා ඇත්තේ “ලෝකයට ශුභාරංචියක්” එහි අඩංගු වනු ඇති බවය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් චීන නිලධාරීන් පවසා ඇත්තේ දෙපාර්ශ්වයම “වැදගත් එකඟතාවයකට” පැමිණ ඇති බවත් තවත් නව ආර්ථික සංවාද ආරම්භ කිරීමට එකඟ වූ බවත්ය.

එක්සත් ජනපද වෙළෙඳ හිඟය අඩු කිරීම සඳහා “ගනුදෙනුවක්” ගැන කතා කළ බව අමෙරිකානු නිලධාරීන් පවසා ඇත.  

Continue Reading

විදෙස්

චෙස් ක්‍රීඩාවට තහනමක්

Published

on

By

ඇෆ්ගනිස්තානයේ චෙස් (චතුරංග) ක්‍රීඩාව සහ ඒ හා සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් සඳහා තාලිබාන් රජය විසින් අනිශ්චිත කාලයකට තහනමක් පනවා ඇත.

මේ පිළිබඳව ක්‍රීඩා අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රකාශක අටල් මෂ්වානි පවසන්නේ, ඉස්ලාමීය ෂරියා නීතිය යටතේ චතුරංග ක්‍රීඩාව සූදුවේ ආකාරයක් ලෙස සැලකෙන බවය.

මෙය රටේ “යහපත ප්‍රවර්ධනය කිරීම සහ අයහපත වැළැක්වීමේ නීතිය” යටතේ තහනම් කර ඇති අතර, චතුරංග ක්‍රීඩාවට ආගමික විරෝධතා පවතින බවද ඔහු සඳහන් කර තිබේ.

“මෙම විරෝධතා විසඳෙන තුරු ඇෆ්ගනිස්තානයේ මෙම ක්‍රීඩාව තාවකාලිකව අත්හිටුවනු ඇත,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

මෙම තීරණය චතුරංග ලෝලීන් සහ ඒ ආශ්‍රිත ව්‍යාපාර අතර කලකිරීමක් ඇති කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර තාලිබාන් රජය විසින් කාන්තාවන්ට ක්‍රීඩාවලට සහභාගී වීම තහනම් කෙරිණි.

Continue Reading

විදෙස්

බ්‍රිතාන්‍ය රජයෙන් දැඩි තීරණයක්

Published

on

By

බ්‍රිතාන්‍ය රජය සංක්‍රමණිකයන් සඳහා වීසා ප්‍රතිපත්ති දැඩි කිරීමට තීරණය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රැකියා වීසා යටතේ බ්‍රිතාන්‍යයට පැමිණෙන පිරිස සීමා කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

නව ප්‍රතිපත්ති ඇතුළත් “ඉමිග්‍රේෂන් වයිට් පේපර්” නම් ලේඛනය අද (12) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

පුහුණු ශ්‍රමිකයින්ට වීසා ලබාදීමේදී ඔවුන්ගේ උසස් අධ්‍යාපන සුදුසුකම්වලට වැඩි අවධානය යොමු කර ඇති අතර, නුපුහුණු ශ්‍රමිකයින් එරටට ගෙන්වීම සීමා කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර ඇත.

එසේම, නුපුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීමේදී යම් කාලසීමාවකට යටත්ව බඳවා ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

විදෙස් ශ්‍රමිකයින් යොදවා ගන්නා කර්මාන්ත හඳුනාගෙන, එම කර්මාන්තවලට පමණක් ඔවුන් අනුයුක්ත කිරීමේ වැඩපිළිවෙළක් හඳුන්වාදීමට ද නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved