විදෙස්

ඊලෝන් මස්ක්ගේ පුරවැසිභාවය අහෝසිකරන ලෙස ඉල්ලා පෙත්සමක්

Published

on

මේ වන විට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය යටතේ අමෙරිකාවේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ඊලෝන් මස්ක්ගේ කැනේඩියානු පුරවැසිභාවය සහ ගුවන් ගමන් බලපත්‍රය අහෝසි කරන ලෙස ඉල්ලා දෙලක්ෂ තිස්දහසක ජනතාව විසින් අත්සන් තබන ලද පෙත්සමක් කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩෝ වෙත භාර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැනේඩියානු මවකට දාව දකුණු අප්‍රිකාවේ උපත ලබා කැනඩාවේ සහ අමෙරිකාවේ පුරවැසිභාවය ලබා සිටින ලොව ලොකුම ධනවතා ඊලෝන් මස්ක් අමෙරිකාවේ 21 වැනි ප්‍රාන්තය බවට කැනඩාව පත් කිරීමට ට්‍රම්ප්ට සහාය දක්වන බවත් එම පෙත්සමේ සඳහන් වන බව වාර්තා වේ.

Trending

Exit mobile version