ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් නගරය ආසන්නයේ හෙලිකොප්ටර් යානා දෙකක් උඩු ගුවනේ ගැටීමෙන් සිදු වූ අනතුරකින් සිවුදෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
මියගිය අය එකම හෙලිකොප්ටරයේම ගමන් කළ අය වන අතර, එහි ගමන් ගත් තවත් තිදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද විදෙස් වාර්තා වල දැක්වේ.
අනතුරට ලක්වූ අනෙක් හෙළිකොප්ටරය හදිසියේ ගොඩබා ඇති අතර, එහි සිටි හය දෙනාගෙන් පස් දෙනෙකුට සුළු තුවාල සිදු වී ඇත.