Connect with us

විදෙස්

කාන්තාවන් එක්ව සිදුකළ ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරය

Published

on

ඓතිහාසික අභ්‍යාවකාශ සංචාරයක නිතර වූ ජනප්‍රිය පොප් ගායිකා කේටි පෙරී ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම නිරුපද්‍රිතව ඊයේ (14)  යළි පෘථිවිය කරා පැමිණියහ.

ඇමසෝන් හිමිකරු බිලියනපති ජෙෆ් බෙසෝස්ට අයත් අභ්‍යාවකාශ නිරීක්ෂණ සිදුකරන සමාගමක්වන බ්ලූ ඔරිජින්ට අයත් රොකට්ටුවකින් අමෙරිකානු වේලාවෙන් ඊයේ (14) පෙ.ව. 8.30ට මෙම කණ්ඩායම අභ්‍යවකාශය බලා පිටත්ව ගියහ.

ඔවුන් පෘථිවි කර්මන් රේඛාව (karman line) අභිබවා ගොස් මෙලෙය යළි පැමිණ තිබේ.

කර්මන් රේඛාව යනු අභ්‍යවකාශයේ ආරම්භය ලෙස සැලකෙන අතර, එය පෘථිවි පෘෂ්ඨයෙන් කිලෝමීටර් 100 (සැතපුම් 62)කට වඩා ඉහළින් පිහිටා ඇත.

සාම්ප්‍රදායික ගුවන් යානාවලට ප්‍රචාලන පද්ධතියක් නොමැතිව මෙම ප්‍රදේශයට පියාසර කළ නොහැකි ස්ථානයකි.

මෙම අභ්‍යාවකාශ සංචාරයට පොප් ගායිකා කේටි පෙරීට අමතරව රොකට්ටුව හිමි බෙසෝස්ගේ පෙම්වතිය වන ලෝරන් සැන්චෙස්, මාධ්‍යවේදිනියක්, රොකට් විද්‍යාඥවරියක්, සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරියක් සහ චිත්‍රපට නිෂ්පාදකවරියක් එක්ව තිබේ.

ඒ අනුව වසර 62කට පසු එනම් 1963 වසරේ දී රුසියාවේ (එවක සෝවියට් සමූහාණ්ඩුව)  වැලන්ටිනා ටෙරෙෂ්කෝවාගේ ඓතිහාසික අභ්‍යාවකාශ මෙහෙයුමකින් පසු කාන්තාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් අභ්‍යවකාශ ගමනක් සම්පූර්ණ කළ පළමු අවස්ථාව ලෙසින් මෙය ඉතිහාසයට එක්විය.

සිය ඓහිතාසික ගමන නිමා කරමින් පොප් ගායිකා  පෙරී පවසා සිටියේ “පෘථිවිය හරිම නිහඬව පෙනුණා” යනුවෙනි.

විදෙස්

අමෙරිකාවේ විශ්වවිද්‍යාලයක වෙඩිතැබීමකින්  දෙනෙකු  මරුට

Published

on

By

අමෙරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්ත විශ්වවිද්‍යලයේ එරට වේලාවෙන් ඊයේ (17) දහවල් සිදු වූ වෙඩිතැබිමකින් පුද්ගලයින් 02ක් මියගොස් තවත් පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, වෙඩික්කරුද පොලිස් වෙඩිපහරකින් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවය.

වෙඩිතැබීමට යොදාගත් ගිනිඅවියද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, සැකකරුද එම විශ්වවිද්‍යාලයේ සිසුවෙකු බවට සැකකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ සිද්ධියෙන් පසු එම විශ්වවිද්‍යාලය තාවකාලිකව වසාදැමීමට බලධාරින් පියවරගෙන තිබේ.

වෙඩිතැබීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලීසිය සඳහන් කරන්නේ, එම විශ්වවිද්‍යාලයේම සේවය කරන පොලිස් නිලධාරිනියකගේ පුත්‍රයෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

ඔහු ඒ සඳහා සිය මවගේ පැරණි තුවක්කුවක් යොදාගෙන ඇති බව සඳහන්ය.

කෙසේ නමුත් සැකකරුගේ වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

Continue Reading

විදෙස්

ඊශ්‍රායලයේ නව සටන් විරාම යෝජනාව හමාස් ප්‍රතික්ෂේප කරයි

Published

on

By

ඊශ්‍රායලයේ නවතම සටන් විරාම යෝජනාව හමාස් සංවිධානය නිල වශයෙන් ප්‍රතික්ෂේප කර තිබේ.

ඊශ්‍රායලය පවසා ඇත්තේ යුද්ධය අවසන් කර පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සඳහා ඉතිරි සියලු ප්‍රාණඇපකරුවන් නිදහස් කිරීම සඳහා වන ගිවිසුමකට වහාම සාකච්ඡා කිරීමට සූදානම් බවය.

ප්‍රාණ ඇපකරුවන් 59 දෙනෙකු හමාස් සංවිධානය භාරයේ සිටිය යුතු නමුත් ඔවුන් අතරින් ජිවත්ව සිටිනුයේ 24 දෙනෙකු පමණක් බවටයි විශ්වාස කරයි.

ඊශ්‍රායලයේ නවතම යෝජනාවට ප්‍රාණඇපකරුවන් දසදෙනෙකු නිදහස් කිරීම සඳහා දින 45ක සටන් විරාමයක් ඇතුලත් විය.

මෙම යෝජනා ප්‍රතික්ෂේප කරමින් හමාස් සංවිධානය පවසා ඇත්තේ ඊශ්‍රායල අගමැතිවරයාගේ න්‍යාය පත්‍රයට ගැති අර්ධ ගනුදෙනු පිළිගන්නේ නැති බවය.

Continue Reading

විදෙස්

ඇමෙරිකාවේ Shein – Temu භාණ්ඩ මිල ඉහළට

Published

on

By

ලබන සතියේ සිට සිය භාණ්ඩ මිල ගණන් වැඩි වන බවට ලොව පුරා අන්තර්ජාලය හරහා භාණ්ඩ විකිණීමේ සිදු කරන චීන සමාගම් දෙකක් වන Shein සහ Temu විසින් ඇමෙරිකානු පාරිභෝගිකයන් හට අනතුරු අඟවා ඇත.

චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා දැඩි තීරුබදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබුණි.

නිවේදන නිකුත් කරමින් මෙම සමාගම් පවසා ඇත්තේ ගෝලීය වෙළඳ නීති හා තීරු බදු වල පසුගියදා ඇති වූ වෙනස්කම් හේතුවෙන් අප්‍රේල් 25දා සිට සිය භාණ්ඩ වල මිල සංශෝධන ඇතිවනු ඇති බවයි.

අතිශය අඩු මිල ගණන් හේතුවෙන් Shein සහ Temu හි භාණ්ඩ අලෙවිය ලොව පුරා වඩාත් ප්‍රචලිත වී ඇති අතර මෙරට ද විශාල පිරිසක් එම යෙදවුම් හරහා භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved