Connect with us

විදෙස්

“කාශ්මීර ප්‍රහාරයේ අපරාධකරුවන් සොයා පෘතුවියේ කෙලවර දක්වාම ලුහුබඳිනවා”

Published

on

කාශ්මිරයේ සංචාරකයන්ට ප්‍රහාර එල්ල කළ අපරාධකරුවන් සොයා පෘතුවියේ කෙලවර දක්වාම ලුහුබඳින බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි.

කාශ්මීරයේ ඉන්දීය පාලන ප්‍රදේශයට අයත් පහල්ගම් හිදී සංචාරකයන් ඉලක්ක කර පසුගියදා (22) එල්ල වූ ප්‍රහාරයකින් 26 දෙනෙකු මිය ගියහ.

ඒ සමග පාකිස්තානය සම්බන්ධ ප්‍රධාන දේශ සිමා හරස් මාර්ගය වසාදමා  තිබේ.

ජලය බෙදා ගැනිමේ ගිවිසුමක් ද අත්හිටුවා ඇති අතර රාජ්‍ය තාන්ත්‍රිකයන් ද නෙරපා හැරීමට පියවර ගෙන ඇත.

කෙසේ වෙතත් ප්‍රහාරයට සම්බන්ධ බවට නැගෙන චෝදනා පාකිස්තානය ප්‍රතික්ෂේප කරයි.

ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ගත් ක්‍රියාමාර්ගවලට ප්‍රතිචාර දැක්වීමේ සාකච්ඡා සඳහා පාකිස්තානය ජාතික ආරක්ෂක රැස්වීමක් ද කැඳවා ඇති බව වාර්තා වේ.

මිය ගිය අයගේ අවමංගල්‍ය කටයුතු අද (25)  සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා අතර සඳහන්ය..

මිය ගිය අය අතර මධුසමය ගත කළ මනමාලියෙකු සහ නිවාඩුවක් ගත කළ ව්‍යාපාරිකයෙකු ද වේ.

ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ පාකිස්තානය පදනම් කර ගත් ලෂ්කර් ඊ තායිබා සංවිධානයට සම්බන්ධ කණ්ඩායමක් ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බවය.

මේ දිනවල ක්‍රියාත්මක පාකිස්තාන සුපර් ලීගයේ (ඵ්Sළ්) ඉතිරි තරග සියල්ල ඉන්දියාව තුළ විකාශය අත්හිටුවා ඇත.

කාශ්මීරයේදී සංචාරකයින් ඉලක්ක කරගනිමින් එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයට පාකිස්තානයට ඍජුවේම චෝදනා කරන ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ක්‍රියාමාර්ග රැසක් මේ වනවිට ගනිමින් සිටින අතර, එහි තවත් දිගුවක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.

සබැඳි පුවත්

පුවත්

ඇමරිකාව හා චීනය අතර වෙළඳ සාකච්ඡා අද ලන්ඩනයේ දී

Published

on

By

ඇමරිකාව හා චීනය වෙළඳ සාකච්ඡා සඳහා ලන්ඩනයේදී අද (09) හමුවීමට නියමිතය.

ඇමරිකාව හා චීනය අතර වෙළඳ යුද්ධය අවසන් කිරීම අරමුණු කරගනිමින් නව සාකච්ඡා වටයක් අද (09) ලන්ඩනයේදී පැවැත්වෙනු ඇත.

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සිකුරාදා නිවේදනය කළේ ජ්‍යෙෂ්ඨ ඇමරිකානු දූත පිරිසක් චීන නියෝජිතයන් හමුවන බවය.

එමෙන්ම චීන උප අගමැති හේ ලීෆෙන්ග් සාකච්ඡාවලට සහභාගී වන බව තහවුරු කර තිබේ.

දෙරටම ආනයන බදු අඩු කිරීම සඳහා එකඟ වූ නමුත් රටවල් දෙකම ගිවිසුම කඩ කළ බවට ද චෝදනා එල්ල වේ.

ඇමරිකා භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්, වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් සහ වෙළඳ නියෝජිත ජේමිසන් ග්‍රියර් මෙම සාකච්ඡා සඳහා එකවනු ඇත.

චීන විදේශ අමාත්‍යාංශය පැවසුවේ උප අගමැතිවරයා ජූනි 8 සිට 13 දක්වා බ්‍රිතාන්‍යයේ රැඳී සිටින බවය.

Continue Reading

විදෙස්

පය පැකිළුන ට්‍රම්ප් (වීඩියෝ)

Published

on

By

අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (08) නිව් ජර්සි හි මොරිස්ටවුන් නාගරික ගුවන්තොටුපොළෙන් පිටත්ව යාම සඳහා එයාර් ෆෝස් වන් ගුවන් යානයට ගොඩවීමට යානයේ පඩිපෙළ නගිමින් සිටියදී ඒ මත පය ලිස්සා ඇදවැටීමට යන ආකාරය පටිගත වූ වීඩියෝවක් අන්තර්ජාලය පුරා පැතිර ගොස් ඇත.

එම වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේද සංසරණය වෙමින් පවතී.

Continue Reading

පුවත්

ට්‍රම්ප් චීනයේ සංචාරයකට

Published

on

By

චීන ජනපති ෂී ජින් පින්ගේ ආරාධනයකට අනුව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයේ සංචාරයකට සූදානම් වන බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

ෂී ජින්පින් සමග පැවති දුරකථන සංවාදයකින් අනතුරුව ට්‍රම්ප් ඒ බව ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

මෙම දුරකථන සංවාදය “ඉතා හොඳ සාකච්ඡාවක්“ ලෙස ධවල මන්දිරය සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබුණි.

දෙරට අතර තීරුබදු ගැටලුව හමුවේ පසුගිය පෙබරවාරි මාසයේදී නායකයින් දෙදෙනා සාකච්ඡා කිරීමෙන් පසු දුරකථන සංවාදයක් සිදුවූ පළමු අවස්ථාව මෙයයි.

ධවල මන්දිරයේ ඉල්ලීමකට අනුව අදාළ දුරකථන ඇමතුම සිදු වූ බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇති අතර පැය එකහමාරක පමණ කාලයක් සංවාදය පැවති අතර එහිදී ප්‍රධාන වශයෙන් වෙළඳාම කෙරෙහි අවධානය යොමු කර ඇත.

ට්‍රම්ප් පවසා ඇත්තේ තමන්ද ෂී ජින් පින්ට අමෙරිකාවට පැමිණෙන ලෙස ආරාධනා කළ බවයි.

කෙසේ නමුත් විදෙස් විචාරකයන් පවසන්නේ අමෙරිකාව හා චීනය අතර වෙළෙඳ ගැටුම් පවතින පසුබිමක මෙම සාකච්ඡා සිදුවීමත් විශේෂත්වයක් බවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved