විදෙස්

කැනඩා අගමැති හා බිරිඳ වෙන්වෙයි

Published

on

වසර 18ක විවාහ දිවියකින් පසුව, කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ බිරිඳ සෝෆි වෙන්වීමට තීරණය කර තිබේ.

ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් මගින් ඔවුන් දෙදෙනා පවසා ඇත්තේ තමන් තවදුරටත් ගැඹුරු ආදරය සහ ගෞරවය ඇති සමීප පවුලක් ලෙස කටයුතු කරන බවයි.

වසර 2005දී විවාහ වූ ජස්ටින් – සෝෆි යුවළ හට දරුවන් තිදෙනෙකු සිටියි.

ටෲඩෝ මහතා ගේ කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දෙදෙනා විසින් වෙන්වීමේ ගිවිසුමක් අත්සන් කර ඇති බවත්, ඔවුන් ඉදිරියටත් ප්‍රසිද්ධ අවස්ථා වලදී පෙනී සිටිනු ඇති බවත්ය.

Trending

Exit mobile version