Connect with us

විදෙස්

කොවිඩ් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිවේදනයක්

Published

on

Covid-19 තවදුරටත් “ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක්” නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ප්‍රකාශ කරයි.

මෙම නිවේදනය සිදුකරන්නේ Covid-19 ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් බවට ප්‍රකාශ වී තුන් වසරකට පසුවයි.

බලධාරීන් පවසන්නේ 2021 ජනවාරි මාසයේදී සතියකට පුද්ගලයින් 100,000 කට වඩා වැඩිව පැවති කොවිඩ් මරණ අනුපාතය 2023 අප්‍රේල් 24 දිනය වන විට 3,500 කට වඩා අඩු වී ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වන වෛද්‍ය ටෙඩ්‍රොස් ගෙබ්‍රෙයිසස් මහතා පවසා ඇත්තේ  නිල ඇස්තමේන්තුව අනුව කොවිඩ් වසංගතයෙන් මිලියන 07ක් පමණ මියගොස් තිබුණද, සත්‍ය සංඛ්‍යාව මිලියන 20කට පමණ විය හැකි බවයි.

කාලයක සිට මෙම තීරණය ඉතා හොඳින් සලකා බලා දත්ත හොඳින් විශ්ලේෂණය කිරීමෙන් පසුව ගත් තීරණයක් බවද ඔහු සඳහන් කළේය.

කෙසේවෙතත්, කොවිඩ් වෛරසයේ සැලකිය යුතු තර්ජනයක් ලෙස තවමත් පවතින බවද ඔහු අනතුරු ඇඟවීය.

පවතින තත්ත්වයේ වෙනසක් ඇතිවුවහොත් හදිසි තත්ත්වය නැවත ස්ථාපිත කළ හැකි බවද ඔහු පැවසීය.

“ඕනෑම රටකට මෙම අවස්ථාවේ කළ හැකි නරකම දෙය නම්, මෙම ප්‍රවෘත්තිය භාවිතා කර, සිය රටේ ආරක්‍ෂාව අඩු කිරීමට, එම රට විසින් ගොඩනඟා ඇති පද්ධති බිඳ දැමීමට හෝ Covid-19 ගැන කරදර වීමට කිසිවක් නැති බවට එහි ජනතාවට ඒත්තු ගැන්වීමට කටයුතු කිරීම,” යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් පවසා ඇත.

විදෙස්

සිරියානු පල්ලියක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් ; 22ක් මරුට

Published

on

By

සිරියාවේ ඩැමැස්කස් හි පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු මිය ගොස් තවත් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඉරිදා සවස දේව මෙහෙයක් අතරතුර පල්ලියේ දී පුද්ගලයෙකු විසින් මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබේ. ඔහු පළමුව වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, පසුව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත.

සිරියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ මෙම ප්‍රහාරකයා IS සටන්කාමීන් හා සම්බන්ධතා ඇති අයෙකු බවයි. කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් IS සටන්කාමීන් මේ දක්වා ප්‍රතිචාර දක්වා නොමැත.

පල්ලිය ඇතුළත ඡායාරූප සහ වීඩියෝවල දැඩි ලෙස හානි වූ පූජාසනයක්, කැඩී ගිය වීදුරු හා ලේ පැල්ලම් සහිත බිත්ති  දිස්වෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Continue Reading

විදෙස්

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුවෙන් අනුමැතිය

Published

on

By

අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව තීරණය කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරාන පාර්ලිමේන්තුව විසින් අනුමත කර ඇති මෙම තීරණය ක්‍රියාවට නැංවීමේ අවසන් තීරණය ඉරාන උත්තරීතර කවුන්සිලය විසින් ගැනීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

ඉරානය ඇතුළු මැදපෙරදිග රටවල් තෙල් අපනයනය කරන්නේ මෙම ‘හෝමූස්’ සමුද්‍ර සන්ධිය හරහාය.

ලෝකයේ තෙල් ප්‍රවාහන කටයුතුවලින් වැඩි ප්‍රමාණයක් සිදුවන්නේ මෙම සමුද්‍ර සන්ධිය හරහා බැවින් මෙය ලොව ප්‍රධාන පෙළේ තෙල් ප්‍රවාහන මාර්ගයක් ලෙස සැලකේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය ලෝකයේ තෙල් ප්‍රවාහනයේ ඉතාම වැදගත් මාර්ගයක් වන අතර, ලෝකයේ සමස්ත බොරතෙල් වෙළඳාමෙන් 20% ත් 25% ත් අතර ප්‍රමාණයක් මෙම සමුද්‍ර සන්ධිය හරහා සිදු කෙරෙයි.

හෝමූස් සමුද්‍ර සන්ධිය පිහිටා ඇත්තේ ඉරානයට උතුරින් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට හා ඕමානයට දකුණිනි.

මැදපෙරදිග තෙල් නිපදවන රටවල් වන ඉරානය, ඉරාකය, කුවේට්, බහරේන්, කටාර්, එක්සත් අරාබි එමීර් සහ සවුදි අරාබියට අයත් නැව් ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිසෙන්නේ මෙම කලාපය හරහාය.

Continue Reading

විදෙස්

මිලිටරි විසඳුමක් නැත; එකම බලාපොරොත්තුව සාමයයි – ගුටරෙස්

Published

on

By

පවතින තත්වයට හමුදා විසඳුමක් නැති බවත්, එකම බලාපොරොත්තුව සාමය බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ රාත්‍රියේ ඉරානයට එල්ල කරන ලද ඇමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමිනි.

X සටහනක් එක්කරමින් ඔහු තවදුරටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් වලින් ඉල්ලා ඇත්තේ ගැටුම්කාරී තත්ත්වය අඩුකර, එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හා අනෙකුත් ජාත්‍යන්තර නීති වලට ඇති බැඳීම ඉෂ්ට කරන ලෙසයි.

“මෙම භයානක පැයේදී, අවුල් සහගත තත්වය උත්සන්න වීම වළක්වා ගැනීම ඉතා වැදගත් වේ. මෙයට මිලිටරි විසඳුමක් නැත. ඉදිරියට ඇති එකම මාර්ගය රාජ්‍ය තාන්ත්‍රිකභාවයයි… එකම බලාපොරොත්තුව සාමයයි,” යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.

ප්‍රහාර සම්බන්ධයෙන් ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති සංවිධානය ද දැඩි ලෙස විවේචනය කර තිබුණි.

මීට පෙර ටෲත් සෝෂල් සමාජ මාධ්‍යයේ සටහනක් එක්කරමින් ඇමෙරිකානු ජනපති – ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණේ ෆෝඩෝ, නටන්ස් හා එස්ෆහාන් යන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට ඇමරිකාව විසින් සාර්ථකව ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි.

පසුව ජාතිය අමතමින්  ට්‍රම්ප් පවසා ඇත්තේ ඉරානය දැන් සාමය ඇති කර ගත යුතු බවත් ඔවුන් එසේ නොකළහොත් අනාගත ප්‍රහාර බොහෝ විශාල වනු ඇති බවය.

“මතක තබා ගන්න, ඉලක්ක බොහොමයක් ඉතිරිව තිබෙනවා. සමහර විට වඩාත්ම මාරාන්තික විය හැකියි. නමුත් සාමය ඉක්මනින් උදා නොවන්නේ නම්, අපි නිරවද්‍යතාවයෙන්, වේගයෙන් සහ කුසලතාවයෙන් අනෙක් ඉලක්ක වෙත යන්නෙමු,” යැයි ට්‍රම්ප් වැඩිදුරටත් පවසා තිබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved