Connect with us

විදෙස්

කෝවිලක තෙරපීමකින් පුද්ගලයන් 06ක් මරුට

Published

on

ඉන්දියාවේ – ගෝවේ නගරයේ කෝවිලක උත්සවයක් අතරතුර සිදුවූ තෙරපීමකින් පුද්ගලයක් 06 දෙනෙකු මියගොස් තිබේ.

තවත් පුද්ගලයන් 50 දෙනෙකුට වැඩි පිරිසකට තුවාල සිදුව ඇතැයි වාර්තා වේ.

ගෝවෙහි කෝවිලක වාර්ෂික උත්සවයක් අතරතුර බැතිමතුන් රැඳි සිටි පොලිමක සිදුවූ හදිසි තදබදය හේතුවෙන් මෙම තෙරපීම සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි

තුවාල ලැබූ පිරිස් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ගෝවේ මහා ඇමති සිය ශෝකය පළ කර ඇත.

පුවත්

ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය අද

Published

on

By

​ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය අද (02) ආරම්භ කර තිබේ.

එහිදී ඕස්ට්‍රේලියානු ඡන්දදායකයින් මිලියන 18 ක් අපේක්ෂකයින් සදහා සිය ඡන්දය ප්‍රකාශ කරනු ඇති.

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම, සෞඛ්‍ය සේවා සහ නිවාසවල මිල වැඩිවීම මෙම මැතිවරණයට ඝෘජුව බලපානු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇල්බනීස් නායකත්වය දෙන වාමාංශික කම්කරු පක්ෂය සහ පීටර් ඩටන්ගේ නායකත්වයෙන් යුතු දක්ෂිනාංශික ලිබරල් පක්ෂය අතර ඔස්ට්‍රේලියාවේ බලය බොහෝ කාලයක් තිස්සේ  හුවමාරු විය.

වාමාංශික කම්කරු පක්ෂය ඕස්ට්‍රේලියාවේ බලයට පත් වුණේ 2022 වසරේ මැයි මාසයේදී ය.

Continue Reading

පුවත්

කොළඹ වරායට අභියෝග කරමින් කේරලයේ නව බහු කාර්ය වරායක්

Published

on

By

කේරලයේ විසිංජාම් අන්තර්ජාතික ගැඹුරු ජල බහු කාර්ය වරාය විවෘත කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ගෞතම් අදානි විසින් මෙම වරාය විවෘත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මෙය එරට පළමු ප්‍රතිනැව්ගතකරණය කිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස ඉතිහාසයට එක් වෙයි.

දකුණු ආසියාවේ ප්‍රාථමික ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානය ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර ඇති කොළඹ වරාය හරහා දැනට යොමු කරනු ලබන භාණ්ඩවලින් සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීම සඳහා ඉන්දියාව මෙම වරාය නිර්මාණය කර තිබේ

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොළඹ වරායට මෙමගින් දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට අදහස් පලවී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනේ කොළඹ වරායට පමණක් නොව මේ හරහා ඩුබායි වරායටද කිසියම් බලපෑමක් එල්ලවනු ඇති බවය.

රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ සංවර්ධනය කර ඇති මෙම විසිංජාම් වරාය බහාලුම් හැසිරවීමේදී ඉන්දියාව විදේශීය වරායන් මත යැපීම අඩු කරනු ඇති බව සඳහන් වේ.

එමෙන්ම තිරුවානන්පුරම් හි පිහිටා ඇති මෙම වරාය කලාපීය නැව් මාර්ග නැවත සකස් කිරීම මෙන්ම ජාත්‍යන්තර වෙළඳාමේ ඉන්දියාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් නිර්මාණය කර තිබේ.

Continue Reading

විදෙස්

ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස් ධූරයෙන් ඉවතට

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස් සිය ධූරයෙන් ඉවත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, යේමනයේ හූති කැරලිකරුවන්ට එරෙහිව ප්‍රහාරයක් සඳහා වන සැලසුම් පිළිබඳව ඇමෙරිකා එක්සත් ජනපද ජාතික ආරක්ෂක නිලධාරීන් සාකච්ඡා කළ සමූහ සංවාදයකට (chat group) මාධ්‍යවේදියෙකු අහම්බෙන් එකතු කිරීම (added) හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව ය.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ජාතික ආරක්ෂක උපදේශක තනතුරේ වැඩ බැලීමට මාර්කෝ රූබියෝ පත් කර ඇති බව ය.

ධූරයෙන් ඉවත් කළ අමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක මයිකල් වෝල්ට්ස් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපතිවරයා ලෙස පත් කර තිබේ.

මයිකල් වෝල්ට්ස් යනු ෆ්ලොරිඩාවේ හිටපු කොංග්‍රස් සභිකයෙකු වන අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය තුළ ධවල මන්දිරයේ පරිපාලනයෙන් ඉවත් කළ පළමු ජ්‍යෙෂ්ඨ සාමාජිකයා ඔහු වේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved