Connect with us

විදෙස්

ඛාන් වෙනුවෙන් විරෝධතාවක්

Published

on

විවිධ චෝදනා රැසකට වරදකරු කර ඇති පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් තවදුරටත් පසුවන්නේ බන්ධනාගාරගතවය.

ඒ අනුව, ඛාන් අගමැතිවරයා වහාම නිදහස් කරන්නැයි බලකරමින් ඔහුගේ පාක්ෂිකයින් ඊයේ (09) එරට වයඹදිග ස්වාබි නගරයේදී විරෝධතාවක් පවත්වා තිබුණි.

මෙම විරෝධතාව පැවැත්වුණේ ඉම්රාන් ඛාන්ගේ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය බලය පෙරලා දැමූ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් වසරක් ගතවීමට සමගාමීවය.

මේ අනුව ඔවුන් එම දිනය කළු දිනය ලෙස නම් කර තිබුණි.

මෙහිදී එක්වූ දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් රජයට බලකර සිටියේ ඔවුන් වහාම ඉල්ලා අස්විය යුතු බවටය.

පසුගිය මැතිවරණයේදී තාරික් ඊ ඉන්සාෆ් පක්ෂයට මැතිවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව අහිමි කළ අතර එහි අපේක්ෂකයින් මැතිවරණයට ඉදිරිපත් වූයේ ස්වාධීනවය.

එහිදී එම ස්වාධීන කණ්ඩායම ආසන 93ක් දිනාගත්තේ මහත් අභියෝගයක් නිර්මාණය කරමිනි.

කෙසේ නමුත් පාකිස්තාන මුස්ලිම් ලීගයේ නවාස් පක්ෂය සහ පාකිස්තාන මහජන පක්ෂය ඉන් පසුව එක්ව ආණ්ඩුවක් පිහිටුවා ගත්තේය.

මේ අයුරෙන් ඉම්රාන් ඛාන් දිගින් දිගටම සිරගත කර රඳවාගෙන සිටින්නේ ඔහු නිදහස් කරන්නැයි දසතින් කරන ඉල්ලීම් නොතකා හරිමිනි.

විදෙස්

ඉන්දියාවේ කම්හලක ඇති වූ ගින්නෙන් 34කට දිවි අහිමිවේ

Published

on

By

ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ ඖෂධ කම්හලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 34 දෙනෙක් මියගොස් තිබේ.

මළ සිරුරු 31 ක් පමණ සුන්බුන් වලින් ගොඩගෙන ඇති අතර, ප්‍රතිකාර ලබමින් සිටියදී තිදෙනෙකු රෝහලේදී මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිපිරීමත් සමග මෙම ගින්න හටගන්නා අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ පුද්ගලයින් 60 දෙනෙකු සිට ඇති බව සඳහන්ය.

ගින්නෙන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බව ඉන්දීය බලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කරයි

Continue Reading

විදෙස්

පාකිස්ථානයේ වැස්සෙන් ජීවිත 45ක් අහිමි වේ

Published

on

By

පාකිස්තානයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 45 දෙනෙකු මියගොස් ඇතැයි එරට ආපදා කළමනාකරණ නිලධාරීන් පවසයි.

මියගිය අය අතර දරුවන් 10 දෙනෙකු වන බව වාර්තා වේ. මේ අතර, තවත් පුද්ගලයින් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

වර්ෂාවත් සමඟ ඇතිවු ගංවතුර තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක ගමනා ගමනයට ද බාධා එල්ල වී ඇති බව සඳහන්ය.

කෙසේවෙතත් පාකිස්තානයට බලපා ඇති වර්ෂාපතන තත්වය ඉදිරි දින කිහිපයදීත් බලාපොරොත්තු විය හැකි බව එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

Continue Reading

විදෙස්

කැනඩාව සමග වෙළෙඳ සාකච්ඡා ට්‍රම්ප් වහාම අත්හිටුවයි

Published

on

By

කැනඩාව සමග ඇති වෙළෙඳ සාකච්ඡා වහාම අත්හිටුවන බවත් ඉදිරි සතිය තුළ කැනේඩියානු භාණ්ඩ සඳහා නව තීරුබදු අනුපාතයක් නියම කරන බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ජූලි මැද භාගය වන විට අමෙරිකාව සහ කැනඩාව වෙළෙඳ ගිවිසුමකට එකඟ වීමට කටයුතු කරමින් සිටියදී ට්‍රම්ප් විසින් මෙම හදිසි තීරණය ගෙන තිබේ.

අමෙරිකානු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ ඇමසන් ඇතුළු අමෙරිකානු සමාගම් සඳහා කලින් පනවන ලද ඩිජිටල් සේවා බද්දක් කැනඩාව විසින් එළැඹෙන සඳුදා දින සිට නැවත ආරම්භ කිරීමට සැලසුම් කිරීමට පෙරය.

සිය Truth Social  ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ කැනඩාව විසින් අමෙරිකානු තාක්ෂණ සමාගම් සඳහා ඩිජිටල් සේවා බද්ධක් පනවන බවට නිවේදනය කර ඇති බවත් එය අමෙරිකාවට සෘජු හා පැහැදිළි ප්‍රහාරයක් වන බවය.

එමෙන්ම වසර ගණනාවක් පුරාවට කිරි නිෂ්පාදන සඳහා ගොවීන්ගෙන් 400%ක තීරුබදු කැනඩාව විසින් අයකරගෙන ඇති බවත් කැනඩාව යනු වෙළෙඳාම් කිරීමට ඉතා අපහසු රටක් බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සිය සටහන මගින් කැනඩාවට චෝදනා කර තිබේ.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදී කැනඩාව සමග වෙළඳ සාකච්ඡා අවසන් කරන බවත් ඉදිරි දින 7 තුළ අමෙරිකා එක්සත් ජනපදය සමග ව්‍යාපාර කිරීමට ඔවුන් ගෙවන තීරුබදු සම්බන්ධව කැනඩාව දැනුවත් කරන බවත් සිය සටහන මගින් අමෙරිකානු ජනාධිපතිවරයා පවසා තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved