ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් 50 දෙනෙකු දින හතරක සටන් විරාමයක තුළදී හුවමාරු කර ගැනීමට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය ගිවිසුමකට එළඹ ඇතැයි වාර්තා වේ.
තවද, ඊශ්‍රායල සිරගෙවල් වල රඳවා සිටින පලස්තීන කාන්තාවන් සහ යෞවන යෞවනියන් 150 දෙනෙකුද නිදහස් කිරීමටත් ගාසා තීරය තුළට යැවෙන මානුෂීය ආධාර වැඩිකිරීමටත් මෙම එකඟතාවය යටතේ තීරණය වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
සිවු දින සටන් විරාමය අද (23) පෙරවරුවේදී ඇරඹීමට නියමිතව පැවතුනද ඊශ්‍රාලයේ ප්‍රධාන පෙළේ නිලධාරියෙකු පවසා තිබුණේ හෙට දිනයට පෙර ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකෙරෙන බවයි.
මෙම එකඟතාවය මගින් ප්‍රාණ ඇපකරුවන් හා අහිංසක පලස්තීන පවුල් වඳින අනේක දුක් අවසන් වනු ඇති බව ඇමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් සිය විශ්වාසය පළ කර තිබේ.
ගනුදෙනුව මගින් ප්‍රාණ ඇපකරුවන්ගේ “කිය නොහැකි දුක්ඛිත තත්වය” අවසන් කරන බව එක්සත් ජනපද ජනාධිපතිවරයා පැවසීය.