යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ඇමරිකාව සමග ඛණිජ ගිවිසුමට අත්සන් නොතබා ධවල මන්දිරයෙන් පිටව ගොස් තිබේ.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරාධනයකට අනුව යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි ධවල මන්දිරයට පැමිණියේය.
එහිදී දෙරට අතර ඛණිජ ගිවිසුමකට අත්සන් තැබීමට නියමිතව තිබුණි.
එහෙත් යුක්‍රේන රුසියා යුද්ධය සමතයට පත් කර ගැනීම පිළිබඳ සිදුකළ දීර්ඝ සාකච්ඡාවලදී ට්‍රම්ප් හා සෙලෙන්ස්කි අතර මතභේදාත්මක තත්ත්වයක් ඇති විය.
මෙහිදී සෙලෙන්ස්කි ඇමෙරිකා ජනාධිපතිවරයා හා උපජනාධිපති ජේ.ඩී වෑන්ස් සමග ආවේගශීලීව අදහස් හුවමාරු කරගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව යුක්‍රේන ජනාධිපතිවරයා ධවල මන්දිරයෙන් පිටව ගොස් ඇති අතර ඔහු ප්‍රකාශ කර ඇත්තේ දෙරට අතර සබඳතාව බිඳ වැටීමට නොදෙන බවය.