පැන්ඩා සංරක්ෂණය සඳහා ඕස්ට්‍රේලියාව හා සිදුකරන සහයෝගීතාවය තවදුරටත් දීර්ඝ කිරීමට චීනය සූදානම් බව චීන අගමැති ලී චියැං මහතා පවසයි.
මේ වන විට ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන ඔහු, මේ බව පැවසුවේ ඇඩලේඩ් සත්වෝද්‍යානයේ සංචාරයකට එක්වෙමිනි.
ඕස්ට්‍රේලියාවේ යෝධ පැන්ඩා සතුන් දැකිය හැකි එකම ස්ථානය ඇඩලේඩ් සත්වෝද්‍යානයයි. මෙහි සිටින වාං වාං හා ෆූ නී නැමැති පැන්ඩා සතුන් දෙදෙනා මේ වසර අවසානයේදී යළිත් චීනයට ගෙන යාමට නියමිතයි.
එබැවින් ඔවුන් වෙනුවට නව පැන්ඩා සතුන් දෙදෙනෙකු ඇඩලේඩ් සත්වෝද්‍යානයට ලබාදීමට චීනය සූදානම් බව ලී අග්‍රාමත්‍යවරයා පවසා ඇත.
දකුණු අර්ධද්වීපයටම සිටින එකම යෝධ පැන්ඩා යුවළ මොවුන් බවත්, ඔවුන් දෙරට අතර මිත්‍රත්වයේ තානාපතිවරුන් බවට පත්ව ඇති බවත් ලී මහතා වැඩිදුරටත් පවසා තිබේ