Connect with us

විදෙස්

ට්‍රම්ප්ගෙන් කැනඩාවට නව යෝජනාවක්

Published

on

ඇමරිකාවේ 51 වැනි ප්‍රාන්තය ලෙස එක්වන්නේ නම්, කැනඩාවට ගෝල්ඩන් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතිය සමඟ නොමිලේ සම්බන්ධ විය හැකි බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, කැනඩාව එලෙස එක් නොවුනහොත් මිසයිල ආරක්ෂණ පද්ධතිය සමඟ එක්වීමට කැනඩාවට ඩොලර් බිලියන 61 ක් වැය වනු ඇති බවය.

පුළුල් පරාසයක සතුරු අවි වලින් ආරක්ෂා වීම සදහා ඇමරිකානු ජනාධිපතිවරයා ගෝල්ඩන් ඩෝම් මිසයිල ආරක්ෂණ පද්ධතිය, පසුගිය සතියේ හදුන්වා දෙනු ලැබීය.

කැනඩාව ප්‍රකාශ කළේ, එම මිසයිල පද්ධතිය සමඟ එක්වීමට කැමති බවය.

කැනඩා අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි මේ මාසය මුලදී ධවල මන්දිරයේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවිය.

එම අවස්ථාවේදී ට්‍රම්ප් කැනඩා අග්‍රාමාත්‍යවරයාට ඇරයුම් කළේ, කැනඩාව ඇමරිකාවේ කොටසක් බවට පත්කරන ලෙසයි.

නමුත් එම අවස්ථාවේ කැනඩා අග්‍රාමාත්‍යවරයා ඉතාමත් ආචාරශීලිව සහ ස්ථිරව එම ඇරයුම ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ, තම රට කිසි විටෙකත් විකුණා නොදමන බවයි.

ඒ අනුව මිසයිල ආරක්ෂණ පද්ධතිය ගෙනහැර දක්වමින් ඇමරිකානු ජනාධිපතිවරයා යළිත් කැනඩාව ඇමරිකාව දෙසට නම්මවා ගැනීමට උත්සහ කරන බව දේශපාලන විශ්ලේෂකයින් පවසයි.

විදෙස්

ට්‍රම්ප්ගේ බදු පැනවීම අධිකරණයෙන් අත්හිටුවයි

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි තීරුබදු පැනවීම අමෙරිකානු ෆෙඩරල් අධිකරණයක් විසින් අත්හිටුවා තිබේ.

ඊයේ (28) දිනයේ ලබාදුන් මෙම නියෝගය ඔහුගේ ප්‍රධාන ආර්ථික ප්‍රතිපත්තිවලට දැඩි පහරදීමක් බව සඳහන් වේ.

මෑන්හැටන්හි පිහිටි ජාත්‍යන්තර වෙළඳ අධිකරණය විසින් මෙම නියෝගය ලබා දෙමින් සඳහන් කර ඇත්තේ, එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් කොංග්‍රසයට අනෙකුත් රටවල් සමඟ වාණිජ්‍යය නියාමනය කිරීමට සුවිශේෂී බලයක් ලබා දී ඇති බවත්, එක්සත් ජනපද ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයාගේ හදිසි බලතල මගින් එම බලය ඉක්මවා යා නොහැකි බවත්ය.

ධවල මන්දිරය විසින් ක්‍රියාත්මක කරන ලද හදිසි නීතියක් මගින් ජනාධිපතිවරයාට සෑම රටකටම පාහේ තීරුබදු පැනවීමට ඒකපාර්ශ්වික බලයක් ලබා නොදෙන බව ද ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් වැඩිදුරටත් තීන්දු කර ඇති බව සඳහන් වේ.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය විසින් අභියාචනයක් ඉදිරිපත් කර ඇත.

Continue Reading

විදෙස්

ගාසා තීරයේ හමාස් නායකයා ඝාතනය කෙරේ

Published

on

By

ගාසා තීරයේ හමාස් නායක මොහොමඩ් සින්වාර් ඝාතනය කළ බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසයි.

අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ, මේ මස මුලදී මොහොමඩ් සින්වාර් ඉලක්ක කර දකුණු ගාසා තීරයේ රෝහලකට ඊශ්‍රායල ප්‍රහාර එල්ල කල බවය.

ඉන් අනතුරුව පසුගිය 21 වැනිදා ඔහු මියගොස් ඇතැයි අග්‍රාමාත්‍යවරයා තහවුරු කළේ ය.

හමාස් සංවිධානයේ නායක, මොහොමඩ් සින්වාර්,  2023 ඔක්තෝබර් ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයේ මහ මොළකරු වන යාහියා සින්වාර්ගේ බාල සහෝදරයාය.

කෙසේ වෙතත් හමාස් සංවිධානය තවමත් ඔහුගේ මරණය තහවුරු කර නොමැත.

2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් සටන්කාමීන් විසින් ඊශ්‍රායලයේ පුද්ගලයින් 1,200 ක් පමණ ඝාතනය කළ අතර  250 කට වැඩි පිරිසක් ප්‍රාණ ඇපයට ගෙන තිබේ.

ඉන් අනතුරුව ගාසා තීරයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර වලින් මියගොස් ඇති සංඛ්‍යාව 53,000 කට අධිකයි.

Continue Reading

පුවත්

ස්ටාර්ෂිප් යානයේ සියලු සබඳතා බිඳ වැටෙයි

Published

on

By

ඉලොන් මස්ක්ගේ SpaceX සමාගම දියත් කළ මිනිසුන් රහිත වඩාත් බලගතු ස්ටාර්ෂිප් යානය සමඟ පැවති සියලු සබඳතා බිඳවැටී තිබේ.

මේ අනුව යානය කැබලිවලට කැඩී ඉන්දීය සාගරය මතට ඇදවැටෙනු ඇති බව එම සමාගම වැඩිදුරටත් පවසයි.

ඊලෝන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගම අද සිය 9 වැනි ස්ටාර්ෂිප් අභ්‍යවකාශ චාරිකාව සිදුකළා.

ඒ අමෙරිකාවේ ටෙක්සාස් හි පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.

කෙසේ නමුත් ස්ටාර්ෂිප් යානාව සමඟ පැවති සියලු සබඳතා බිඳවැටුණු බවට එම සමාගම නිවේදනය කළේ ගුවන්ගමනේ අසාර්ථකත්වය සනිටුහන් කරමින්ය.

SpaceX සමාගමට අනුව යානයේ කොටස් කඩාවැටීමට නියමිතව ඇත්තේ ඉන්දීය සාගර කලාපය වෙතටයි.

මේ අනුව එහි සැලකිය යුතු කලාපයක් නිදහස්ව තැබිය යුතු බවත්, ගුවන්ගමන් පවා වෙනස් කිරීමට සිදුවනු ඇති බවත් වාර්තා වෙයි.

කෙසේ නමුත් යානයේ කොටස් ඇදවැටීමෙන් කිසිදු ජීවිත හෝ දේපළ හානියක් සිදුවූ බවට මෙතෙක් වාර්තාවී නොමැති බව එම සමාගම පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved