විදෙස්

ට්‍රම්ප්ගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්

Published

on

යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

ඔහු පැවසුවේ, රුසියානු ජනාධිපති ව්ලැඩිමියර් පුටින් යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ගිවිසුමකට එළැඹිය යුතු බවයි.

යුද්ධය අවසන් කිරීමට සාම ගිවිසුමක් අවශ්‍ය බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි තමාට දැන්වූ බව ජනපති ට්‍රම්ප් පැවසීය.

ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර සඳහන් කළේ, තමන් ජනපති වූ වහාම රුසියා – යුක්රේන යුද්ධය අවසන් කරන බවයි.

Trending

Exit mobile version