විදෙස්

ට්‍රම්ප්ට යළිත් අධිචෝදනා!

Published

on

2020දී පැවති ජනාධිපතිවරණයේදී ජෝර්ජියා ප්‍රාන්තයේ අත්වූ පරාජයෙන් අනතුරුව, තමාට වාසිදායක වන ලෙස මැතිවරණ ප්‍රථිඵල වෙනස් කිරීමට උත්සහ කළ බවට හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට අධිචෝදනා එල්ල වී තිබේ.

මෙම චෝදනා ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් ට්‍රම්ප් හා තවත් 18 දෙනෙකුට එල්ල කිරීමට ෆුල්ටන් ප්‍රාන්ත අධිකරණයේ මහා ජූරි සභාවක් තීරණය කර ඇත.

මෙම අධිචෝදනා පත්‍රයේ චෝදනා 41ක් ඇති අතර, ඉන් 13ක් එල්ල කර ඇත්තේ ට්‍රම්ප්ට එරෙහිවයි.

මේ, 2023දී ට්‍රම්ප් ට එරෙහිව අපරාධ චෝදනා එල්ල වූ 4වැනි වතාවයි.

Trending

Exit mobile version