තායිලන්ත අගමැති ශ්‍රේත්තා තවීසින් ධුරයෙන් ඉවත් කිරීමත් සමග හිස්වු ධුරය සඳහා පියු තායි පක්ෂ නායිකා පේටොන්ටාන් ෂිනවත්‍රා පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් තේරී පත්වී තිබේ .
හිටපු තායිලන්ත අගමැති තක්සින් ෂිනවත්ගේ දියණිය වන 37 හැවිරිදි පේටොන්ටාන් ෂිනවත්‍රා වාර්තා අතරට එක්වන්නේ එරට අගමැති ධුරයට පත් ලාබාලතම තැනැත්තිය මෙන්ම අගමැති ධූරය හොබවන දෙවැනි කාන්තාව ලෙසය .
එමෙන්ම ඇය ගෙවුණු දශක දෙකක කාලය තුළ දී ෂිනවත් පරම්පරාවෙන් තායිලන්ත අගමැති ධුරයට පත් සිව්වන දේශපාලනඥයා වීමත් විශේෂත්වයකි.