විදෙස්

තායිලන්ත අගමැතිව ධුරයෙන් පහ කරමින් අධිකරණ නියෝගයක්

Published

on

තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තවිසින් ව ධුරයෙන් ඉවත් කිරීම සඳහා එරට අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, සිරගතව සිට නිදහස් වූ නීතිඥවරයෙකු කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පත් කිරීම හේතුවෙනි.

67 හැවිරිදි  ස්‍රෙතා තවිසින්, වසර 16කට පසු තායිලන්තයේ අධිකරණ තීන්දුවකින් නෙරපා හරින ලද තුන්වන අගමැති බව වාර්තා වේ.

එම තීන්දුව ලබා දෙමින් අධිකරණය පෙන්වා දී ඇත්තේ ස්‍රෙතා තවිසින්, ඔහුගේ ධූරය හා සම්බන්ධ ආචාර ධාර්මික නීති උල්ලංඝනය කර ඇති බවය.

පාර්ලිමේන්තුවෙන් නව අගමැතිවරයෙක් පත් කරන තුරු තායිලන්තයේ වත්මන් කැබිනට් මණ්ඩලය ක්‍රියාත්මක වන බවද වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උලෙළේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීම සඳහා තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ස්‍රෙතා තවිසින් මහතා පසුගිය පෙබරවාරි 03 වන දින මෙරටට පැමිණියේය.

Trending

Exit mobile version