Connect with us

විදෙස්

දකුණු ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයෙන් 51ක් මරුට

Published

on

දකුණු ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ ස්ථානයකට ඊශ්‍රායල හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 51 දෙනෙකු අධික පිරිසක් මියගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ ප්‍රහාරයෙන් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවය.

ගාසා තීරයේ ආධාර බෙදා හැරීමේ ස්ථාන අසල දෛනිකව වෙඩි තැබීම් සිදුවන අතර වැඩිම පිරිසක් මියගිය හා තුවාල ලැබූ සිදුවීම මෙය බව සඳහන්ය.

ලෝක ආහාර වැඩසටහන යටතේ පිටි ලබා දෙන තවත් ස්ථානයකට ඊශ්‍රායල හමුදා වෙඩි තබා ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වේ.

පුවත්

ඉරාන උත්තරීතර නායක කමෙනිගෙන් ට්‍රම්ප්ට ප්‍රතිචාර

Published

on

By


ඉරානය හා ඊශ්‍රායලය අතර ඇතිවී තිබෙන යුදමය තත්ත්වය ගැන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයට ඍජු ප්‍රතිචාර දක්වමින් ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ‘තම රට කිසිවිටකත් යටත් නොවන බව’ පවසා තිබේ.

එරට රූපවාහිනී නාලිකාවක් හරහා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, ඊශ්‍රායලට එරෙහිව තමත් දියත්කරන ප්‍රහාරවලට අමෙරිකාව මිලිටරි මැදිහත්වීමක් සිදුකළ හොත් එය ඔවුන්ට ද ආපසු හැරවිය නොහැකි හානියකට මුල්වෙයි කියලා අමෙරිකානුවන් දැනගත යුතු බවයි.

“ඉරානය, එහි ඉතිහාසය ගැන දන්නා බුද්ධිමත් පිරිස් කිසිවිටකත් තම රාජ්‍යයට තර්ජන කරන්න පෙළඹෙන්නේ නෑ. ඉරාන ජාතිය කාටත් යටත් වෙන්නේ නෑ.

ඒ නිසා අමෙරිකාව දැනගත යුතුයි ඔවුන්ගේ ඕනෑම යුදමය මැදිහත්වීමකින් නිසැකවම සිදුවෙන්නේ ආපසු හැරවිය නොහැකි හානියක් සිදුකරගැනීමක් පමණයි” අලි කමේනි අනතුරු අඟවා තිබේ.

ඉරානය හා ඊශ්‍රායලය අතර යුදමය තත්ත්වය පිළිබඳව අමෙරිකානු ජනධිපති පවසා සිටියේ, ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි සැඟවී සිටින ස්ථානය තම රට දැන සිටින නමුත්, ඔහු ඝාතනය කිරීමට මේ වනවිට කටයුතු නොකරන බවයි.

එසේම ඉරානය වහාම කොන්දේසි විරහිතව යටත්විය යුතු බවත් එහිදී ඔහු පවසා තිබේ.

Continue Reading

විදෙස්

ට්‍රම්ප්ගෙන් තර්ජනතාත්මක ප්‍රකාශයක්

Published

on

By

ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි සම්බන්ධයෙන් අමෙරිකානු ජනපතිගෙන් X ගිණුමේ සටහනක් තබමින් තර්ජනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.

එහි දැක්වෙන්නේ, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි සිටින තැන තමන් දන්නා බවත් එම ස්ථානය ඉතා පහසු ඉලක්කයක් බවත් ය.

කෙසේවෙතත් දැනට ඔහුව ඝාතනය කිරිමට අපේක්ෂා නොකරන බව, ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.  

සිවිල් වැසියන්ට ප්‍රහාර එල්ල කිරිමට, අවශ්‍යතාවයක් නැති නමුත් අමෙරිකාවේ ඉවසීම මේ වනවිට ඉක්මවා යමින් ඇතැයි ඩොනල්ඩ් ට්‍රම්ප් තබා ඇති සටහනේ සඳහන්ය.

ඉරානය ගුවන් අවකාශයේ සම්පූර්ණ පාලනය ද අමෙරිකාව සතු බව පවසන ඩොනල්ඩ් ට්‍රම්ප්,  ඉරාන ගුවන් හමුදාවට වඩා සිය ගුවන් හමුදාව ශක්තිමත් බව ද පවසා තිබේ.

Continue Reading

විදෙස්

ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත්වෙන්නැයි ට්‍රම්ප් දැනුම්දෙයි

Published

on

By

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුදෙනාට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.

එම දැනුම්දීමෙන් සුළු වේලාවකට පසුව ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් හඬක් ඇසුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

අමෙරිකානු ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ගිණුමක තබන ලද සටහනක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව සඳහන් කර ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved