විදෙස්

නැපෝලියන් ගේ තොප්පිය යූරෝ මිලියන 1.9කට වෙන්දේසි වෙයි

Published

on

19 වැනි සියවසේදී ප්‍රංශ අධිරාජ්‍යයා ලෙස කටයුතු කරන සමයේදී නැපෝලියන් බොනපාට් විසින් භාවිතා කළ තොප්පියක් පැරිස් අගනුවරදී යූරෝ මිලියන 1.9කට වෙන්දේසි වී තිබේ.

මෙම හිස්වැසුමේ වටිනාකම යූරෝ 600,000 – 800,000 අතර බව ඇස්තමේන්තුගත කර තිබුණි.

කෙසේවෙතත්, මෙය මිලදී ගත් පුද්ගලයාගේ අන්‍යන්‍යතාවය හෙළි කර නැත.

නැපෝලියන් විසින් හිසෙහි පැත්තට පැළඳි මෙම කළු පැහැ තොප්පි වර්ගය ඔහුගේ සංකේතයක් ලෙස සැලකේ.

සිය ජීවිතව පුරාවට නැපෝලියන් හට මෙවැනි කළු තොප්පි 120ක් පමණ තිබුණුද, මේ වන විට පවතින්නේ ඉන් 20ක් පමණ බව විදෙස් වාර්තා වල දැක්වේ. එම තොප්පි අතරින්ද වැඩි ප්‍රමාණයද පෞද්ගලික කෞතුක වස්තූ එකතු වලට අයත් වේ.

Trending

Exit mobile version